චෙරි ගහ

77 15 8
                                    

කොහොමහරි ඔය විදියට සතියකුත් ගෙවිලා ගියා.ඒ දවස් ටිකේ කොල්ලෝ ටිකත් මාලිගාව ගැන හොයන එකෙන් ඈත්වුනේ ළඟ ළඟම එන නත්තලට සුදානම් වෙන්න ඕන නිසා.ඉතින් එයාලා තමන්ට පුළුවන් විදිහට නත්තල් සැරසිලිවලට සුසී ආච්චිට උදව් වුණා.

යොන්ජුන් නම් සුසී ආච්චිත් එක්ක ටවුන් එකට ගිහින් බඩු ගන්න උදව් වුණා.

ඒ අතරේදී ගෙදර සරසන්න භාර වුණේ සූබින්ටයි බොම්ග්යූටයි. ඒ දෙන්නා නම් සරසනවාට වඩා කරේ එතන අවුල් කරපු එක. අන්තිමට ඒකත් කරන්න වුණේ යොන්ජුන්ට.

කායි නම් දවසෙම වගේ එලියට වෙලා හිම සෙල්ලම් කරා.

ටේහ්යෝන් විතරයි මාලිගාව ගැන විස්තර හොයන්න උත්සහ කරේ. ඒ නිසා කොල්ලා දවසෙම හිටියේ කාමරේට වෙලා.

ඒත් එහෙම සමකාමීව ගොඩක් කල් නම් ඉන්න මේ අයට නම් පුළුවන් වුණේ නෑ. මොකද එක දවසක උදේ සිද්ද වුන සිදුවීමක් නිසා ආයෙමත් අර මාලිගාවේ සිද්දිය උඩට ආපු නිසා.

ඉතින් එදා දවසේ උදේ සිද්ද වුණේ අමුතුම දෙයක්.

Soobin : අනේ කවුරු හරි මගෙ ඕඩිව දැක්කද? දැන් මෙතන හිටියා

Beomgyu : මං තොට කිව්වා කියලා හිතාගනින්.

Yeonjun : උඹ දැන් කීවෙනි වතාවටද ඕකව නැති කරගත්තේ?

Soobin : අනේ කියව කියව ඉන්නැතුව හොයන්න උදව් කරපංකෝ

Kai : ඉන්න සූබින් හ්යෝන්ග් මං ටේගෙන් අහං එන්නම් ඕඩි උඩ තට්ටුවට ආවද කියලා

Soobin : අනේ ඒක හොඳයි කමල් මල්ලියා

ඉතින් කායි උඩ තට්ටුවට ගියේ ඕඩි ගැන ටේගෙන් අහන්න.

Taehyun : නෑ බන් මං දැක්කේ නෑ. අනේ මන්දා මේ සූබින් හ්යෝන්ග් නම්

Kai : ඔව් බන්. ඒක නෙවෙයි අර මොනාද? ගෙම්බි කකුල් සුප් නේද?

Taehyun : ගෙම්බි කකුල් සුප්?

කායි එකපාරටම අත දික්කරේ ගබඩා කාමරේ පැත්තට. ඒකෙ දොර යට තිබුනේ අර කලින් දවසක කොල්ලෝ ගෙම්බි කකුල් සුප් කියපු සෙවල වගේ ඒවා.

T᙭T & TᕼE ႽႶ口ᗯ ᑭᗩᒪᗩᑕE|ᴛxᴛ ꜰꜰ|ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ|Where stories live. Discover now