චූටි පැටියා

78 14 7
                                    

Taehyun : එතකොට ඔයාට ඇත්තටම මොකද්ද සිද්ද වුණේ?

================================

Claire : ඒක දිග කතාවක්. ඒත් මං ඔයාලට ඒ ගැන කෙටියෙන් කියන්නම්. මොකද අපිට ඉතුරු වෙලා තියෙන්නේ තව ටික වෙලාවයි. මේ මාලිගාවට එන ඕනම කෙනෙක්ට මේක ඇතුලේ ඉන්න පුළුවන් පැය 2යි.කවුරු හරි ඊට වඩා හිටියොත් එයාව සදහටම අඳුරු මායාවන් අතර හිරවෙනවා.

Yeonjun: එහෙනම් අපිට තව ඉතුරු වෙලා තියෙන්නේ හරියටම පැයකුයි විනාඩි විස්සකුයි විතරයි.

Claire : ඔව්. ඒ නිසා මං ඔයාලාට ඉක්මනින් මේ ගැන කියන්නම්.

ඔයාලා දැනටමත් දන්නවා නේ මං මෙහේ කෙනෙක් නෙවෙයි කියලා. මං ජීවත් වුණේ මීට අවුරුදු දහස් ගානකට කලින් එංගලන්තේ.හරියටම මායාකාරයෝ ජීවත් වුණ කාලේ.

ඉතින් ඒ කාලේ මායාකාරයෝ කොටස් දෙකකට බෙදිලයි හිටියේ. ඒ පිරිසිදු මායාකාරයෝයි අඳුරු මායාකාරයෝයි කියලා. ඒ දෙගොල්ලොම ගොඩක් තරහයි.

පිරිසිදු මායාකාරයෝ හැමවෙලේම එයාලගේ මායාවන් පාවිච්චි කරේ හොඳ දේවල් වලට. ඒත් අඳුරු මායාකාරයෝ හැමවෙලේම කරේ අඳුරු වගේම භයානක මායාවන්. ඒ නිසා සාමාන්‍ය මිනිස්සුත් ඒ අයට ගොඩක් භයයි.

ඉතින් මගෙ තාත්තා පිරිසිදු මායාකාරයෙක්. ඒ වගේම මගෙ අම්මා අඳුරු මායාකාරියක්. ඒත් එයා ගොඩක් හොඳ කෙනෙක්.කොහොම වුණත් අඳුරු මායාකාරයෝ මගෙ තාත්තට කැමති වුණේ නෑ. මගෙ අම්මා එයාලගේ නීතීවලට පිටින් ගියා කියලා එයාවත් එයාලගේ කෙනෙක් හැටියට පිළිගත්තේ නෑ. එයාලට ඕන වුණේ අපිව මරලා දාන්න.

මගෙ තාත්තා උසස් මායාකාර පෙළපතක කෙනෙක්. ඒ නිසා අඳුරු මායාකාරයෝ කොහොමත් මේ දේ අමතක කරේ නෑ.

ඒ කාලේ මං ගොඩක් පුංචියි. ඉතින් එන්නම මේ යුද්දේ වැඩිවුණා. ඒ නිසා මගෙ දෙමව්පියෝ මාවත් අරන් මෙහෙට පැනලා ආවා.

තාත්තා නම් හිතුවේ ඊටපස්සේ අපිට සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා. ඒත් ඒ සතුට තිබුනේ ටික කාලයයි. එයාලා කොහොමහරි අපි හිටපු තැන හොයාගත්තා.

T᙭T & TᕼE ႽႶ口ᗯ ᑭᗩᒪᗩᑕE|ᴛxᴛ ꜰꜰ|ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ|Where stories live. Discover now