ගෙම්බි කකුල් සුප්

122 21 8
                                    

කලින් දවසේ තිබ්බ මහන්සියටත් එක්ක කොල්ලෝ ටිකට උදේ 9 විතර වෙනකම් නින්ද ගියා. ඉතින් හැමෝම ඇහැරිලා ගියේ බඩට මොනවහරි දාගන්න.එතොකොට සුසී ආච්චි කොල්ලොන්ට කන්න කෑම මේසේ ලෑස්ති කර කර හිටියේ

Susie : ආ ළමයිනේ මං ඔයාලට කෑම හැදුවා දැන් 9ත් පහුවෙලා ඉක්මනට කන්නකෝ.. මට‍ ගෘහණියන්ගේ සංගමේ රැස්වීමට යන්නත් තියෙනවා

Soobin : හරි ආච්චි ඔයා යන්න අපි කන්නම්

Yeonjun : ආච්චි අපි කෑම කාලා පොඩ්ඩක් එලියට යනවා.

Susie : හොඳයි හැබැයි අන්ධකාරේ කැලේ පැත්තට නම් යන්න එපා.

Beomgyu : මොකක් කිව්වා?? ඒ මොකද්ද සුසී ආච්චි ඒ?

Susie : නැ.. මොකුත් නැ මං එහෙනම් යන්නම් පරිස්සමින් දරුවනේ

එහෙම කියලා සුසී නෝනා යන්න ගියා

Taehyun : එයා ටිකක් අමුතුයි වගේ බන්. උඹලට එහෙම එකක් තේරෙන්නැද්ද?

Beomgyu : මොනවා වුණත් කමක් නෑ දැන් මගෙ චූටි බන්ඩි ගෙඩියට බඩගිනියි.. මං කනවා

Soobin : ඔයාල කවුරු හරි මගෙ ඕඩි පැටියව දැක්කද?? මං එයාව බෑග් එකේ දාලා තිබුනේ සුසී ආච්චි එයාව ගෙම්බෙක් කරයි කියලා..

Kai : ඉතින් බන් ගෙම්බෙක් වුණත් අවුලක් නෑනේ.. එකම සයිස් නේ

Soobin : කියන්නෑ උබට.. අනේ ඕඩි කොහෙද?

Beomgyu : ඉස්සෙල්ලම කාලා ඉඳපන්. ඌ කොහෙටහරි වෙලා සතුටින් ඇති. උබ ඉතින් ඌට පුදුම වදයක් නේ දෙන්නේ.

බෝම්ග්යූ බලෙන්ම සූබින්වත් එක්ක ගෙන කෑම මේසේ වාඩි වුණා. හැබැයි මේසේ උඩ තියෙන කෑම දක්කහමයි කට්ටියගෙම ඇස් උඩ ගියේ.

Yeonjun : ඊයා මේ මොනාද බන් මේ?? මොන මල ජරාවක් ද?

Beomgyu : මේ කොල කැඳ එකත් නිකන් චුයින්ගම් වගේ.. ඇලෙනවනේ බන්..

Taehyun : පොඩ්ඩක් ඉඳපන්.. මේ ගෙම්බි කකුල් කියලා නම් කියන්න එපා.

Kai : ඒ ගෙම්බි කකුල් වගේ නේ බන්

Soobin : දෙය්යනේ ඕඩි.. අර වයසක ගෑනි මගෙ ඕඩිව ගෙම්බෙක් කරලා සුප් හදලද දන්නෑ..

T᙭T & TᕼE ႽႶ口ᗯ ᑭᗩᒪᗩᑕE|ᴛxᴛ ꜰꜰ|ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ|Where stories live. Discover now