හොඳම නත්තල

96 18 17
                                    

Susie : ළමයි පරිස්සමින් .. බොම්ග්යූ ඔය ඉනිමග හය්යෙන් අල්ල ගන්න. නැත්තම් කායි වැටෙයි. සූබින් එයාලට උදව් කරන්න. නැත්තම් මං දන්නවා ඔය නත්තල් ගහේ කෑල්ලක්‌ වත් හොයන්න වෙන්නෑ කියලා

Soobin : හරි ආච්චි. කෝ ඕක මෙහාට දෙනවා පොඩි එවුන් දෙන්නා

Beomgyu :  සූබින් හ්යෝන්ග් අයින් වෙන්න අපි දෙන්නට මේක කරන්න දීලා. අඩෝ කමල් තව ටිකයි. උඩට වෙන්න එල්ලපන් ඕක

Kai : ඉනිමග පොඩ්ඩක් දකුණට කරපන්. මගෙ අත දිග මදි.

Soobin : උබලා ඕන මගුලක් කරගනින් . මං යනවා යන්න.

එහෙම කියලා සූබින් ගියේ නත්තල් කෑම ටික මේසෙන් තියන්න ටේටයි සුසී ආච්චිටයි උදව් වෙන්න.

ඔන්න ඔය වෙලාවේදී තමයි යොන්ජුන් උඩ තට්ටුවේ ඉඳන් පැන පැන ආවේ.

Yeonjun : ළමයි අහන්න, ඔම්මා දැන් කෝල් කරා. එයාලා අද සෝල්වලට ඇවිල්ලා. එයාලා හෙට එනවලු අපිව එක්කන් යන්...
ඊයා.. මේ මොන ජරාවක් ද ?

යොන්ජුන් කියවන එක නතර කරලා බැලුවේ එයාගේ කකුලට මොනවද පෑගුනේ කියලා. ඒ මොනාද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ?

Yeonjun : චෝයි ඕඩි?? කොහේද මේ වදකාරයා?

Beomgyu : හොඳ වැඩේ.. ඔන්න ඕඩි ආයෙමත් යොන්ජුන් හ්යෝන්ග්ගේ කකුලට ජරා කරලා

බොම්ග්යූ  හය්යෙන් එහෙම කියලා හිනාවෙන්න ගත්තා. ඒත් එයාට කායි ඉනිමගේ නැගලා ඉන්නේ කියන එකත් අමතක වෙලා.

එතකොටම කායිත් බැලන්ස් එක නැතිවෙලා බොම්ග්යූගේ පැත්තට වැටෙන්න ගත්තේ එතන තිබුන සැරසිලි සේරම පොළොව පුරාම විසිරෙද්දී.

ඉතින් ඒ වෙලාවෙම නත්තල් කේක් එක අරන් ආපු සූබිනුත් සැරසිලිවල පැටලිලා වැටෙන්න ගත්තේ නත්තල් කේක් එක හරියටම ගිහිල්ලා යෝන්ජුන්ගේ මූණේ ලෑන්ඩ් වෙද්දී.එතකොටම,

අනේ දෙය්යනේ මගෙ කේක් ගෙඩිය!!

කියලා සුසී ආච්චි ඔලුවෙ අත ගහගත්තේ එයා පැය ගානක් හදපු නත්තල් කේක් එක යෝන්ජුන්ගේ මූණ පුරා දිලිසෙනවා බලාගෙන ඉන්න බැරුව.

T᙭T & TᕼE ႽႶ口ᗯ ᑭᗩᒪᗩᑕE|ᴛxᴛ ꜰꜰ|ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ|Where stories live. Discover now