ක්ලෙයා

74 14 0
                                    

Kai's POV
@in his dream

මං හිටියේ ලොකු මාලිගාවක් ඉස්සරහ. ඔව් ඒ අර මාලිගාව. ඒත් ඒක තිබුනේ අද වගේ පාලුවට ගිහිල්ලා නම් නෙවෙයි.ඒ වගේම තමයි අද වගේම මුළු පරිසරයම හිමෙන් වැහිලයි තිබුනේ.

ඒක වටේම මිනිස්සු එහා මෙහා යනවා. ඒ අය හරියට නිකන් සෙබළු වගේ. එයාලා ඇඳන් හිටියේ ඉස්සර කාලේ නයිට් ලා අඳින වගේ ඇඳුම්.
අර රෝස මල් වත්තත්  ඒ වගේම තිබුනා. ඒ වගේම එතන කොච්චර මිනිස්සු හිටියත් ඒ එක්කෙනෙක් වත් මගෙ දිහා බැලුවේ නෑ. අඩුම මං එතන ඉන්නවද කියලවත් එයාලට ගානක් නෑ. මට‍ විශ්වාසයි එයාලා මගෙ ඉස්සරහින්  යද්දී මාව දකින්න ඇති කියලා.

ඒත් එක පාරටම අර සෙබලෙක් මගෙ ඉස්සරහින් මගෙ ඇඟ ඇතුලින් විනිවිද යද්දියි මට‍ තේරුනේ එයාලට මාව පේන්නේ නෑ කියලා.

මං ඉස්සරහට ඇවිදගෙන ගියා. මාලිගාවේ ලොකුම ලොකු දොර ඇරලයි තිබුනේ. මං ඉතින් ඒක ඇතුලට ගියා.
ඇත්තටම ඒක ලොකුම ලොකු ශාලාවක් වගේ. ඒ වගේම වටේට උඩ තට්ටු වලට නගින්න පඩි පෙළවල්. හරියට නිකන් හැරී පොටර් ෆිල්ම් එකේ වගේ.මං තවත් ඉස්සරහට ඇවිදගෙන ගියා.

එතකොට මං දැක්කේ අවුරුදු පහළොවක වගේ ගෑනු ළමයෙක් හය්යෙන් හිනා වෙවී ශාලාව වටේ දුවනවා. එයාගේ පිටිපස්සෙන් තව ගෑනු කෙනෙකුත් දුවගෙන ගියා.පේන විදිහට එයාලා සෙල්ලම් කරනවා වගේ.

ඒවගේම තමයි එයාලට තිබුනේ පිටරට පෙනුමක් . ඒ කියන්නේ කොරියන් සම්භවයක් තියෙන අය නෙවෙයි.

“අනේ ක්ලෙයා නවතින්න්කෝ. ඔයා වැටෙයි ”

අර ගෑනු කෙනා කිව්වා.ඉතින් අර ගෑනු ළමයා නැවතුනේ නෑ. එයා මාවත් පහුකරගෙන රෝස මල් වත්ත පැත්තට දුවගෙන ගියා. අර ගෑනු කෙනත් එයා පස්සෙන් ගියා. මාත් ඒ දෙන්නා ගිය පැත්තට ගියා.

“මාග්‍රට් ඔයා දන්නවද මං මේ ලෝකෙන් ආසම මොනාටද කියලා? ”

“ඔව් සමහර විට ”

ගෑනු කෙනා උත්තර දුන්නා.

“ඔව් ඔයා හිතනවා හරි ඒ මේ රතු රෝස.ඒවා මොනතරම් ලස්සනයිද?ඒවගේ නටුවල කටු තියෙනවා.ඒ නිසා අපි ඒවා අල්ලන්න ඕන ගොඩක් පරිස්සමින්. හරියට අපේ ජීවිතේ වගේ.අපේ ජීවිතේ මේ කටුවලටත් වඩා විෂ සහිතයි. ඒත් ඒ ජීවිතේම තමයි මල් පෙති වගේ සිනිදු වෙන්නෙත්. ඉතින් රෝස මලක් කඩාගද්දී අපි පරිස්සම් වෙනවා වගේ  ජීවිතේ ඉස්සරහට අරගෙන යද්දිත් අපි පරිස්සම් වෙන්න ඕන ”

T᙭T & TᕼE ႽႶ口ᗯ ᑭᗩᒪᗩᑕE|ᴛxᴛ ꜰꜰ|ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ|Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ