කටහඬ

73 13 1
                                    

පුදුම හිතෙන සිදුවීම්වලින් පටන් ගත්ත අලුත් දවසත් එක්ක කොල්ලෝ පස් දෙනාම බලන් හිටියේ සුසී ආච්චි මොන වෙලාවෙද ගෙදරින් යන්නේ කියලා. මොකද එයාලට ඒ තරමටම මාලිගාව ගැන වගේම ක්ලෙයා ගැන හොයාගන්න ඕන වුණා. සාමාන්‍යයෙන් සුසී ආච්චි ගමේ වයසක අය එකතු වෙලා හදාගත්ත සංගමේ අයත් එක්ක තමයි දවල් වෙලාව ගතකරේ. ඒක චෝයි සහෝදරයෝ  නම් හොඳට දන්නවා. ඒ නිසාමයි මේ ගැන හොයන්න එයාලා දවල් වෙලාව තෝරාගත්තේ.

කට්ටියම උදේ වෙලාවෙම ගතකරේ සුසී ආච්චිගේ විසිත්ත කාමරේට වෙලා. කරන්න දෙයකුත් නැති නිසා කට්ටියම කරේ පිස්සු නට නට හිටපු එක.
ඒත් ටේහ්යෝන් නම් ලැප් එකට මූණ ඔබාගෙන ලොකු වැඩක.

Beomgyu : සූබින් හ්යෝන්ග් බලපන්කො අරූ තව ටිකකින් ලැප් එක ඇතුළට පනිනවා.

Soobin : ඒක නම් ඇත්ත.ඒ හොඳ වෙලාවට බන් අපේ ගෙදර ඔය වගේ එකෙක් නැත්තේ

Yeonjun : ඔව් බන්. එහෙනම් මං දන්නවා අපිට ඉන්න ගෙදරකුත් නැති වෙනවා.මතකනේ බොම්ග්යු ගණන් වලට ලකුණු 65ක්‌ ගත්තා කියලා අපි දෙන්නට දවස් ගානක් යනකන් ගණන් සීයක්‌ හදලා ඔම්මට පෙන්නන්න වුණේ

Soobin : ඔව් මට මතක් වෙනවා ඒ සොඳුරු අතීතේ. එදා තමයි මට බොම්ග්යුගේ බෙල්ල මිරිකලා ජූස් හදලා ඕඩිට බොන්න දෙන්න හිතුනේ

Beomgyu :  උබ ගණන් වලට ලකුණු 23ක්‌ ගත්ත එකට මං පලිද ඩෝ ? අනික දැනගනිල්ලා අපේ ගෙදර මොලයක් ඇති එකෙක්ට ඉන්නේ මේ මං විතරයි.චෝයි බොම්ග්යු හහ්.

Soobin : අනේ පල යන්න. උබට 65යි නේ.100ක්‌ ගත්තා වගේ උඩ පනින්නැතුව හිටහන්.

Kai : යා..චෝයි යස්ස පැටව්නේ නවත්තපියව්. මං මේ ගේම් එකේ අන්තිම ලෙවල් එක ප්ලේ කරන්නේ

Beomgyu : කෝ පෙන්නපන් බලන්න.

Kai : එහාට පලයන් යකෝ. උබ ඕකට එබෙනකොට මෙලෝ සංසාරයක් පේන්නෑ.. යා.. ෂිට්.. ඉවරනේ..

බොම්ග්යු ගිහින් කායිගේ phone එකට එබුන නිසා අන්තිම ලෙවල් එක ප්ලේ කර කර හිටපු කායි එකෙන්ම අවුට් වුණා

Kai : බොම්ග්යු මං තෝව ඉතුරු කරන්නෑ.

එහෙම කියලා කායි බොම්ග්යුගේ පස්සෙන් පැන්නුවා. ඉතින් බොම්ග්යු තමන්ට පුළුවන් උපරිම වේගෙන්  උඩ තට්ටුවට දුවගෙන ගියා.කායිත් වැඩේ අතෑරියේ නෑ. එයත් බොම්ග්යුගේ පස්සෙන්ම දුවගෙන ගියා. මේ අතරේදී තමයි සුසී ආච්චි ගෙදරින් යන්න පිටත් වුණේ.

T᙭T & TᕼE ႽႶ口ᗯ ᑭᗩᒪᗩᑕE|ᴛxᴛ ꜰꜰ|ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ|Where stories live. Discover now