CHAPTER 14 📎💭

250 33 25
                                    



"පුතා..........."


"ඔම්මා.. ඔයා..!"


කායිගේ ඔම්මා කෑ ගහගෙන ගිහින් කායිව තුරුල් කරගෙන අඩන්න ගත්තා..ඒ වගේම පිටිපස්සෙන් ආපු කායිගේ අප්පත් බෙක්හියුන් ගාවින් හිටගත්තා..මේ හැමදේම වෙන අතරතුරේ බෙක්හියුන් ලොකු කල්පනාවක..කායිගේ ඔම්මයි අප්පයි කොහොමද මෙහෙට ආවේ කියන එක ගැන බෙක්හියුන් ට ලොකු ප්‍රෙහෙලිකාවක් උනා..


"කොහොමද පුතා..."
කායිගේ අප්පා බෙක්හියුන් ගේ පිටට තට්ටු කරනගමන් ඇහුවා..



"අහ්..හොදයි අප්පා..අප්පලා කොහොමද මෙහෙට ආවේ.."
බෙක්හියුන් එයාගේ යාලුවන්ගේ ඔම්මලා අප්පලට ඒ විදිහටම කතා කරන්න පුරුදු වෙලා හිටියා..මොකද ඒ හැමෝම ගොඩක් එකතු නිසා ලමයි ටිකගෙ ඔම්මලා අප්පලත් හොදම යාලුවො උනා..



"මට ඊයේ සූබීන් පුතා තමයි විස්තරේ කියුවේ..එවෙලෙම ඔම්මට යන්න ඕනෙයි කියුවත්, සූබීන් කියුවා කායිට තාම සිහියත් නැති එකේ ඔම්මා ආවොත් එයාට ඒක දරාගන්න බැරි වෙයි කියලා...මේ දේවල් මේ විදිහට වෙලා තියෙද්දිත් අපිට එහෙට වෙලා උන්න බැරි නිසා අපි කායිව බලන්න ආවා පුතා..."
කායිගේ අප්පා හැමදේම පැහැදිලි කරලා බෙක්හියුන්ට කිව්වා..


"මොනා උනත් මගෙ කොල්ලට මෙහෙම කරපු උන්ට හොද පාඩමක් උගන්නන්න ඕනේ.."
කායිගේ ඔම්මා කායිව බදාගෙන අප්පට කිව්වා..


"නෑ නෑ ඔම්මා..එහෙම මුකුත්-"


"ඔයා කටවහගන්න පුතා...මම ඔයාට මුකුත් වෙන්න දෙන්නේ නෑ..අර කෙල්ලටයි කොල්ලටයි ආයෙ මෙහෙම නොකරන්න හොද පාඩමක් ඉගැන්නුවා නම් මෙහෙම දේවල් ආයේ කාටවත්ම නොකරයි.."


කායිගෙ ඔම්මා කායිගේ වචනෙත් නවත්තලා එක දිගට කියවගෙන ගියා..ඒත් බෙක්හියුන් ට තවත් ප්‍රශ්නයක්..


"ඔම්මා ඔයා මේ මොනාද කියවන්නේ..?කායිට මෙහෙම උනේ එදා club එකේදි drinks අරන් වැඩි වෙලා..කා ගැනද මේ කියන්නේ ඔම්මා...?"
බෙක්හියුන් පුදුමෙන් වගේ කායිගේ ඔම්මගෙන් ඇහුවා..


You've reached the end of published parts.

⏰ Last updated: Aug 26, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

 SEXY LOVER 💋😈Where stories live. Discover now