අවුරුදු කිහිපයක් ගෙවීගෙන ගියා...
දැන් ජන්කුක්ට වයස අවුරුදු දෙකකි...
දැන් දැන් යාන්තමට ඇවිදින්න පුලුවන් ජන්කුක් තමන්ගේ ගෙදර දොර දිහා බැලුවේ මේ වේලාවට එයාගේ ගෙදරට එන ටේහියුන්ග් අද එන්න පරක්කු නිසා....
පැඳුරක් එලලා ඒ මැද්දෙම සෙල්ලම් බඩු ගොඩේ හිටිය ජන්කුක් වෙනදාට ගේ ඇතුලට එලිය වැටුනාම ගෙදරට එන ටේහියුන්ග් එනකන් තවමත් මඟ බලාගෙන හිටියා...
නමුත් අද නම් ටේහියුන්ග් එන පාටක් තිබ්බේ නැහැ....
උදේ වෙනවා රෑ වෙනවා දන්නේ නැති ජන්කුක් තේරුම් ගත්ත එකම දේ නම් පාරෙ ඉන්න මිනිස්සු පේනවා කියන්නේ ටේහියුන්ග් එන වේලාව ඒක කියන එක විතරයි....
බලාගෙන ඉදලා ඉදලා බැරිම තැන ගෙදර දොර ලඟට දණ ගහගෙන ගිය ජන්කුක් වැලි පොලවට බහින්න තියෙන පඩිපෙල් හතරෙන් ලිස්සලා ඇවිත් අවසානේ මිනිස්සු එහෙ මෙහෙ යන පොලොව උඩට වැටුනා....
කලින් බැස්ස පඩිපෙලේ අන්තිම පඩිය අල්ලන් පස්සත් උඩ දාගෙන ඉදගෙන හිටිය තැනින් නැගිට්ට ජන්කුක් දැන් ලෑස්ති උනේ තමන්ගේ ටෙටේව හොයාගෙන යන්නයි....
කලිසම වෙනුවට යටට ඇදලා ඉන්න පොඩි රෙදි කැල්ලත් එක්ක සුදු පාට ටීශර්ට් එක විතරක් ඇඳගෙන හිටිය ජන්කුක් එත් එක්කම තමන්ගේ ලඟින්ම ඉස්සරහට ඇවිදගෙන ගිය පිරිමි ලමයා දිහා බෝල උන දිලිසෙන ඇස් වලින් බැලුවා....
සමාන්‍යයෙන් ටේහියුන්ග් තමන්ට වඩා උස නිසා මීට ටිකකට ඉස්සෙල්ලා අර ලඟින් ඇවිදගෙන ගිය පිරිමි ලමයා ටේහියුන්ග් කියලා වැඩිවෙලා නොයාම හිතන්න ගත්ත ජන්කුක් ඒ කොල්ලාගේ පස්සෙන් යන්න ගත්තා....
" තෙතේ...!! "
ජන්කුක් අතකුත් දික් කරමින් වේගෙන් ඉස්සරහට ඇඳෙන ඒ කොල්ලාට කතා කරාත් ඒ පිරිමි ලමයා ජන්කුක්ව නෑහුනා වගේ දිගටම ඉස්සරහට ගියා....
නමුත් ජන්කුක් එතනින් නවතින්න සූදානම් නොවුනා....මේ අවුරුදු ගානටම පලවෙනි වතාවට තනියම එලියට බැස්ස ජන්කුක් මිනිස්සු අතරින් ලා නිල් පාට ඇඳුමක් ඇදගෙන යන ඒ කොල්ලා දිහාම බලාගෙන ඉස්සරහට දිව්වා....
![](https://img.wattpad.com/cover/321537118-288-k134365.jpg)
CZYTASZ
Call me by your name 🦋 ( Completed ✅)
Fanfictionපිටිසර ගම්මානයක එකට හැදී වැඩුනු පුංචි කොල්ලො දෙන්නෙක්... කාලය සුලඟ මෙන් හමාගෙන යද්දි ඔවුනොවුන් එකිනෙකාගේ ඇස් ඉදිරිපිටම තරුණ යෞවනයන් බවට පත්විය.... එයින් කෙනෙක් නම් ටේහියුන්ග්ය , ගමේ නම ගිය තරමක් ධනවත් පවුලකට හිමිකම් කිව්ව ටේහියුන්ග් වැඩිවියට පත් වීම...