ටේහියුන්ග්ගේ පෙරත්ත මතම අවසානේ යලිත් ඉස්කොලේ ගමන ආරම්භ කරන්න හිත හදා ගත්ත ජන්කුක් වෙනදා වගේම ටේහියුන්ග් එක්ක ටවුන් එකට ආවා...
" හියුන්ගී ? "
ඉස්කොලේ පේන මානේට කිට්ටු වෙනවත් එක්කම ඉස්සරහට ඇවිදගෙන ගිය ටේහියුන්ග්ගේ අතින් අදිමින් එතනම නතර උන ජන්කුක් තමන්ගේ තොල් දෙක ඉස්සරහට උල් කරා...
" හ්ම්ම්...අහගෙන ඉන්නේ ජන්කූ.."
ටේහියුන්ග් තමන්ට වඩා අඩියක් පිටිපස්සේ හිටගෙන ඉන්න ජන්කුක්ගේ දිහා බලලා එයා ලඟට ඇවිදගෙන එන ගමන් තමන්ගේ හිනී දිග ඇඟිලි අතර හිර වෙලා තිබ්බ ජන්කුක්ගේ පුංචි අතේ පිට අල්ල උඩින් තොල් තියන ගමන් තප්පර කිහිපයකට ඇස් දෙක වහ ගත්තා.....
ඒ අතරේ තොල් උල් කරගෙනම හිටිය ජන්කුක් ටේහියුන්ග්ගේ තොල් ලඟින් තමන්ගේ අත ගැලවෙනවත් එක්කම අල්ලගෙන ඉන්න විදිහෙන්ම ටේහියුන්ග්ගේ අත තමන්ගේ පපුවට හේත්තු කරගෙන අනිත් අතේ සුලු ඇඟිල්ල ටේහියුන්ග්ගේ පැත්තට දික් කරා...
ජන්කුක්ගේ චුටි ඇඟිල්ල දිහාත් ආයේ ජන්කුක්ගේ බෝල ඇස් දිහාත් මාරුවෙන් මාරුවට බැලුව ටේහියුන්ග් හුස්මක් පහල දාලා පිටිපස්සට බෙල්ල නවන ගමන් අයේත් ඇස් දෙක තද කරලා වහගෙන උඟුර යටින් ගැඹුරු විදිහට කෑගැහුව්වා........
" අර්හ්හ්හ්..."
" හියුන්ගී , අනේ පොරොන්දු වෙන්නකෝ.."
අනිත් පැත්තෙන් ජන්කුක්ද ටේහියුන්ග්ගේ අත අල්ලගෙනම කකුල් දෙකත් පොලොව උඩ ගගහා සෙල්ලම් බඩුවක් නොදුන්න මුරණ්ඩු පුංචි එකෙක් වගේ කෑගහන්න ගත්තා....
" අනේ...අනේ...අනේ ~ "
ජන්කුක් ඇස් හිනී කරගෙන යටි තොල පෙරල ගත්තා...
" ඉතිං මං කලින් පොරොන්දු උනේ....ඇයි ආයේත් පාරක් ?"
" ඒම බැහැ...පොරොන්දු වෙන්න...නැත්තම් මං තනියම ඉස්කොලේන් එලියට යනවා හොඳේ..."
![](https://img.wattpad.com/cover/321537118-288-k134365.jpg)
KAMU SEDANG MEMBACA
Call me by your name 🦋 ( Completed ✅)
Fiksi Penggemarපිටිසර ගම්මානයක එකට හැදී වැඩුනු පුංචි කොල්ලො දෙන්නෙක්... කාලය සුලඟ මෙන් හමාගෙන යද්දි ඔවුනොවුන් එකිනෙකාගේ ඇස් ඉදිරිපිටම තරුණ යෞවනයන් බවට පත්විය.... එයින් කෙනෙක් නම් ටේහියුන්ග්ය , ගමේ නම ගිය තරමක් ධනවත් පවුලකට හිමිකම් කිව්ව ටේහියුන්ග් වැඩිවියට පත් වීම...