Chapter 6

1.9K 309 221
                                    

"නිකන් තේ වත්තට යන එකේ එකපාරම එතන වෙන වැඩ ටිකත් ඔහොමම බලාගෙන එන්නකෝ..."

සුදු පාට කමිසයත් , ඒ කමිසයම යට කරලා ඇදලා තිබ්බ සුදු පාට කොට කලිසමෙනුත් එක්ක ටේහියුන්ග්ට අද ගෙනාවේ වෙනදාට වඩා වෙනස් පෙනුමක්...කලු පාට බෙල්ට් පටියකින් පවා හැඩ වෙලා හිටිය ටේහියුන්ග් දණහිස ලඟට යනකන් දිග ඇරගෙන හිටිය මේස් දෙකට කලු පාට සපත්තු දෙකක්ද දාගෙන හිටියා....

මුහුනත් පුටුලු කරන් ගෙදර වත්ත මැද්දේ හිටගෙන හිටිය ටේහියුන්ග් තමන්ගේ අප්පා මේ ගමන යන්න කලින් තමන්ට කිව්ව දේ ගැන නැවත නැවතත් මතක් කරමින් ඔලුව ටිකක් කහලා ඉණට අත් දෙක තියා ගත්තා....

" තේ වත්තට යනවා කිව්වාට තේ ගස් අස්සේ රිංගනවා කියලා කිව්වේ නැහැ නේ මං..."

" ඔක්කොමත් හරි , අර ජරා කුඩෑල්ලෝ තමා නේ මෙතන තියෙන එකම ප්‍රශ්නේ...උන්ට බයයි කියලා අප්පාට උනාත් නිකන් සවුත්තු වෙන්න හොඳ නැහැ..."

" අයිශ්...!!! උබටත් හොඳ වැඩේ ටේහියුන්ග් යන යන තැන ගෙදර මිනිස්සුටත් කියන එක යුතුකම කියලා හිතුවාට..."

" ඉදා උබට ඉදා "

එහෙම කියමින් කිසිම ලෝබකමක් නැතුව අත දිග ඇරලා තමන්ගේම කම්මුලට පාරවල් කිහිපයක් ගහ ගත්ත ටේහියුන්ග් ගැස්සිලා ගියේ පිටිපස්සෙන් ඇහුන කටහඬට....

" අහ්..තාම ගියේ නැද්ද ? මොනාද ඔතන ඉදන් ඔය හැටි කල්පනා කරන්නේ ? "

ගෙදර ඉස්සරහා කොරිඩෝව කෑල්ලේ හිටිය දේහ්‍යුන්ග් එහෙම කියලා වේවැල් පුටුව උඩින් වාඩි වෙද්දි උරහිස උඩින් තමන්ගේ අප්පා දිහා බැලුව ටේහියුන්ග් ආයේමත් ඉස්සරහා බලා ගත්තා....

Call me by your name 🦋 ( Completed ✅)Where stories live. Discover now