ටේහියුන්ග් පොඩි කලිසම් කොටයක් වගේ තිබුන යට කලිසම විතරක් ඇඟේ පටලවගෙන තමන්ගේ කාමරේ ඇඳ උඩ ඉදගෙන හිටියා...
නමුත් තනියම නම් නෙමෙයි...
ඒ ඇඳ උඩම තවත් කෙනෙක් ටේහියුන්ග් එක්කම ඉදගෙන හිටියා..ඒ ලූනා...
ලූනාද යාන්තම් විනිවිද පේන කොට සුදු පාට රෑ ගවුමක් ඇදගෙන ටේහියුන්ග්ගේ එහා පැත්තට වෙලා අත් දෙක කලවා අස්සේ ගහගෙන උන්නා...
කාමරේ එක බල්බයක්වත් නොදැල් උනා...ඒ කාමරේට ආලෝකයක් ආවා නම් ආවේ ඇඳ ලඟම තිබ්බ ජනෙල් පියන් වලින් වැටුන ශ්වේත සලුවක් වන් සඳවතිගේ අලෝක ධාරාව පමණයි....
කලින් දවසේ නම්ජුන් යෝජනා කෙරුව විදිහටම ගියපූ චාරිකාව අවසන් උන ක්ශනිකයෙන් එදිනම රාත්‍රියේ ටේහියුන්ග්ට ලූනා එක්ක තනි වෙන්න සිද්ද උනා....
දැන් එයාලා මිනිත්තු තිහක් පමණ තිස්සේම නිහඬ කාමරයක් ඇතුලේ තනි වෙලා....
ටේහියුන්ග් හිස් අවකාශේට තමන්ගේ ඇස් යොමූ කරගෙන හිටියා...ලූනාත් නිශ්ශබ්දවම ඉස්සරහා බලාගෙන උන්නා...
දෙන්නාගෙන් කිසිම කෙනෙක් මුලින් ඉස්සරහාට පියවරක් නොතිබ්බා...
ලූනා කිහිප වතාවක්ම ටේහියුන්ග්ට ලං වෙන්න උත්සහා ගත් නමුත් ටේහියුන්ග් ඒ හැම මොහොතම වැලැක්කුවා...පස්සේ ලූනාත් තමන්ගේ උත්සාහය අතැරියා....
සඳ එළිය වැටුන යහනක , කාගේන්වත් බාධාවක් නැති කාමරයක් අස්සේ තනි උන ජෝඩුවක් මුකුත්ම නොකර , අඩුම එක හාදුවක්වත් හුවමාරු නොකර ඔහේ බලා ගත්ත අත බලාගෙන හිටියා...
ලූනාට ටේහියුන්ග් හුස්ම ඉහල පහල දාන හඬ ඇහුනා...ඒ සුසුමන් හරිම සංසුන්..කිසිම කලබලයක් නැතුව ටේහියුන්ග් නිදහසේම හුස්ම පිට කරා...
නමුත් සරාගී ලඳක් ඉස්සරහා , ඒකත් තමන් පියවරක් ඉස්සරහාට තියනකල් බලාගෙන ඉන්න කෙල්ලෙක් ඉස්සරහා වැඩුන පිරිමියෙක්ට මෙහෙමත් නිදහසේ හුස්ම පිට කරන්න පුලුවන් ද ?
ඒත් ටේහියුන්ග් එහෙම කරා...ඒ හිත කලබල වෙලාත් නැහැ...නොසංසුන් වෙලාත් නැහැ...මේ තරම් රාගික රාත්‍රියක , අඬ නිරුවතින් හිටිය කෙල්ලෙක් ඉදිරියේ ටේහියුන්ග් තවමත් සංසුන්ව හිටියා...
YOU ARE READING
Call me by your name 🦋 ( Completed ✅)
Fanfictionපිටිසර ගම්මානයක එකට හැදී වැඩුනු පුංචි කොල්ලො දෙන්නෙක්... කාලය සුලඟ මෙන් හමාගෙන යද්දි ඔවුනොවුන් එකිනෙකාගේ ඇස් ඉදිරිපිටම තරුණ යෞවනයන් බවට පත්විය.... එයින් කෙනෙක් නම් ටේහියුන්ග්ය , ගමේ නම ගිය තරමක් ධනවත් පවුලකට හිමිකම් කිව්ව ටේහියුන්ග් වැඩිවියට පත් වීම...