Chapter 23

1.3K 289 283
                                    

ජන්කුක් නම්ජුන් එක්කම ටවුමට ඇතුල් උනා...

වෙනදා වගේම අදත් ටවුම හරිම කාර්යයබහුලයි...

හැම විශේෂ මොහොතකම විවෘත කරන කඩ පේලිය අදත් රෑ වෙනකන්ම ඇරලා තිබුනා...

මේ ගිම්හානයේ අවසානේත් එක්ක පටන් ගන්න සරත් ඍතුවේ ආරම්භයයි...

හැම අවුරුද්දකම මේ කාලේට ටවුමේ විශාල පිට්ටනිය ඇතුලේ විනෝද සැනකෙලියක් හරි ජයටම පැවැත් උනා....

ජන්කුක්ලාගේ ගමේ අයට මේ සැනකෙලිය හරිම සමාන්‍ය දෙයක් උන නමුත් මෙදාපාර විශේෂත්වයකට කියලා තිබ්බේ සැනකෙලිය අතරතුරේ පැවැත්වෙනවා කිව්ව රූකඩ සංදර්ශනේයි....

ගමේ හැමෝම ඒ සංදර්ශනේ බලන්න යන්න ගොඩාක් උද්‍යෝගයෙන් හිටියා....

" ඔයාට ඒවා ඕන ? "

ජන්කුක් රොසින්ජර කඩයක් දිහා එක එල්ලේ බලන් ඉන්නවා දැක්ක නම්ජුන් එහෙම අහද්දි ජන්කුක් ඉක්මනින්ම නම්ජුන් දිහා බැලුවා...

" අනේ ඕන නෑ මහත්තයා..."

" නැහැ නැහැ...අපි කොයි එකටත් එයින් ටිකක් අරගෙනම සංදර්ශනේ බලන්න යමු...එත් ගමේ අය ඒකට කියන නම මොකක්ද කියලා මම දන්නේ නැහැ නේ "

" මං නම් කියන්නේ සිනී පුලුන් කියලා..."

" සිනී පුලුන් ? "

නම්ජුන් හිනා වෙලා එහෙම අහන්කොට ජන්කුක් ඔලුව වැනුවා...

එහෙමම ජන්කුක්වත් ඇදගෙන කඩේ ලඟින් නතර උන නම්ජුන් , ජන්කුක් ඉල්ලුව දේවල් වලටත් අමතර රොසින්ජර ගොඩාක් අරන් දීලා ආයේමත් ඒ අතින් අල්ල ගත්තා....

දෙන්නාම ටිකකින් සැනකෙලිය පැවැත්වෙන පිට්ටනියට ආවා....

මුලු පිට්ටනියම මිනිස්සුන්ගෙන් පිරිලා...

නම්ජුන් ඉක්මනට ජන්කුක්ගේ අත තද කරලා අල්ල ගත්තා....

ඉර යාන්තමට බැහැගෙන ගිහින් මද අන්ධකාරයක් ඒ දසතම පැතිරුනා...

Call me by your name 🦋 ( Completed ✅)Where stories live. Discover now