Chapter 32

2K 306 343
                                    

" ජන්කූ..."

බංකුව උඩට වෙලා කකුල් පද්දමින් අතේ ඇඟිලි එක්ක සෙල්ලම් කර කර හිටිය ජන්කුක්ව එකපාරම ගැස්සුනා..

නමුත් ඒ මුහුන මත හිනාවක් ඇදුනා..

තමන්ගේ නම ඈත ඉදන් කෑගැහුව්වේ වෙන කවුරුත් නෙමෙයි ටේහියුන්ග් කියලා දැක්කාම කර කර හිටිය සේරම දේවල් නැවැත්තුව ජන්කුක් බංකුව උඩින් ඉක්මනින් නැඟිට්ටා...

" හියුන්ගී !! "

මෙච්චර වෙලා නොතිබ්බ හිනාවක් ඒ කට පුරා හරි අපූරුවට ඇදීගෙන යන ගමන් ජන්කුක් තවත් විනාඩියක්වත් පරක්කු නොවී උරහිසේ පැත්තක එල්ලගෙන හිටිය බෑගයත් එක්ක ගේට්ටුව ඉස්සරහා හිටගෙන උන්න ටේහියුන්ග් ලඟට දිව්වා...

" ඔය වැටෙයි දරුවෝ හෙමීට..."

කඟවේනා වගේ තමන් දිහාවට දුවගෙන එන ජන්කුක්ට නැවතත් ඈත ඉදලාම කතා කෙරුව ටේහියුන්ග්ට ඊලඟ මොහොතේ සිද්ද උනේ දුවගෙන දුවගෙන ඇවිත් තමන්ගේ ඇඟට කඩා පැන්න ජන්කුක්ව දෝත බදලා අල්ල ගන්නයි...

" ඇයි එන්න පරක්කු උනේ ? "

ජන්කුක් ටේහියුන්ගේ උරහිස වටේ අත් ඔතාගෙන , බෝල වෙච්ච ඇස් දෙකත් ටේහියුන්ගේ මුහුන ඉස්සරහාටම ගෙන එමින් යටි තොල හුරතලේට පෙරල ගත්තා...

" අපෙ අප්පේ මෙකාගේ හුරතලේ...උබට ඕනි මාව මරන්නද හ්ම්ම් ? "

ටේහියුන්ග් තමන්ගේ නහය ජන්කුක්ගේ නහය උඩ අතුල්ලමින් අහනකොට ජන්කුක් නහය හැකිලුවා...

" අනේ නිකන් ඉන්නකෝ හියුන්ගී..."

" හ්ම්ම් හ්ම්ම්...ගොඩාක් වෙලා බලන් ඉන්න උනා නේද...සමාවෙන්න චුටි මැණිකේ...බස් එක මඟහැරුනා නේ..."

එක අතකින් ජන්කුක්ගේ ඉණ බදන් අනිත් අතින් ඒ නලල් තලේ වහගෙන හිටිය කොණ්ඩ කෑලී කිහිපය අහකට කෙරුව ටේහියුන්ග් ජන්කුක්ගේ නලල මැද්ද උණුසුම් හාදුවකින් පිරෙව්වා...

" මගේ හියුන්ගීට මහන්සි පාටයි..."

රාත්‍රි දෙගොඩ හරිය වෙනකන් පාඩම් වැඩ කරලා නැවතත් උදේම විශ්වවිද්‍යාලය බලා පිටත් උන ටේහියුන්ගේ මලානික ඇස් දිහා බලන් ඒ කම්මුල් දෙකෙන් අල්ලන් හිටිය ජන්කුක් එක අතක් කලිසම් සාක්කුවට දාලා ලේන්සුව අදින ගමන් ටේහියුන්ගේ නලලත් , කම්මුලත් , බෙල්ලත් පිහිදලා දැම්මා...

Call me by your name 🦋 ( Completed ✅)Where stories live. Discover now