අලුත් අවුරුද්දෙන් පස්සේ සති දෙකක් ගෙවිලා ගියා...
වේලාව උදෑසන අටයි...
කඳු මුදුන් මැදින් හෙමින් නැගගෙන ආව සුර්‍යයාගේ හිරු රශ්මිය හරි ඉක්මනින් දසත පැතිරෙද්දි ඒ හිරු කිරණෙන් මදක් ටේහියුන්ග්ගේ කාමරේ ජනේල් පියන් අතරින් ඒ ඇඳ මතට වැටුනේ කකුල් දෙක දෙපැත්තට විහිදගෙන කටත් භාගේට ඇරගෙන ගැබුරු නින්දේ පසුවෙමින් හිටිය ටේහියුන්ග්ව අවදි කරවන්න කියලා හිතාගෙන...
නමුත් හිමිදිරි පාන්දර අවට සැරිසරන මීඳුමත් ඒ මීඳුම නිසා පරිසරයේ ඇති වෙන හීන් සීතල ගතියත් තවමත් අඩුවක් නොවුන හේතුවෙන් ටේහියුන්ග්ට තවත් ටිකක් සැනසිල්ලේ නිදා ගන්න පුලුවන් උනා...
" පුංචි මහත්තයා , කෝ දැන් නැඟිටින්න එලි වෙලා..."
ගෙදර වැඩට හිටිය ගමේම ගැහැනු කෙනෙක් වෙනදා වගේම ටේහියුන්ග්ව ඇහැරවන ගමන්ම අතේ තිබ්බ කිරි ලීටරයක් විතර අල්ලන ටේහියුන්ග්ගේ තේ කොප්පේ කාමරේ මේසේ උඩින් තිබ්බා...
" පුංචි මහත්තයා..."
ටේහියුන්ට අයේම වතාවක් කතා කෙරුව කාන්තාව ටේහියුන්ග් නින්දෙන්ම පයින් ගහලා බිමට වට්ටලා තිබ්බ පෙරවන රෙද්ද අහුලලා ඒක නවලා පැත්තකට කරලා ඒ ගමන්ම කලින් රාත්‍රියේ මුරණ්ඩුකමට ඇද ගත්ත , නමුත් දැන් ඇඳ මුල්ලේ ගුලි ගැහිලා තිබ්බ සරම අතට ගත්තා....
" ඊයේ දේහියුන්ග් මහත්තයා කිව්වා සරම් ඇදගෙන නිදා ගන්න බැහැ කියලා...පේනවා නේ සරම කොහෙවත් සරමේ අයිතිකාරයා වෙන කොහෙවත්...හොඳ වේලාවට යටට ජංගි කොටයක් හරි ගහගෙන ඉන්නවා..."
ටේහියුන්ග් දිහායි අතේ තියෙන සරම දිහායි බලමින් හිනා වෙවී මිමිනුව ගැහැනු කෙනා තරු මාලුවෙක් වගේ ඉන්න ටේහියුන්ග්ගේ අතකින් ඇඳලා බලෙන්ම වගේ ටේහියුන්ග්ව නැගිට්ටුවා...
" අනේ නැන්දේ තව ටිකක් ඉන්න දෙන්නකෝ..."
YOU ARE READING
Call me by your name 🦋 ( Completed ✅)
Fanfictionපිටිසර ගම්මානයක එකට හැදී වැඩුනු පුංචි කොල්ලො දෙන්නෙක්... කාලය සුලඟ මෙන් හමාගෙන යද්දි ඔවුනොවුන් එකිනෙකාගේ ඇස් ඉදිරිපිටම තරුණ යෞවනයන් බවට පත්විය.... එයින් කෙනෙක් නම් ටේහියුන්ග්ය , ගමේ නම ගිය තරමක් ධනවත් පවුලකට හිමිකම් කිව්ව ටේහියුන්ග් වැඩිවියට පත් වීම...