Chapter 5

1.8K 328 197
                                    

පහුවෙනිදා ~
පාන්දර 5.30

" පූතේ කොහේද ඔය උදේ පාන්දරම යන්න හදන්නේ ? "

යූනා කුඹුරුට යන්න සූදානම් වෙන වූබින්ට කෑම පිසින ගමන් එහෙම කෑගැහුව්වේ තමන් එක්කම උදේ නැඟිටලා පිලිකන්නේ ඉදන් මුහුන හෝදගෙන ඇවිත් තමන්ව පහුකරගෙන යන ජන්කුක්ට...

" මං තේ වත්තට යනවා ඔම්මා "

" ඉතිං මෙච්චර උදේ ? මාත් එක්කම යමූ "

" ඔම්මා අද වතුර ගෙන්න යන්න...මං තේ කඩන්න යන්නම්"

" ඉතිං එහෙමයි කියලා මෙච්චර උදේ යන්නේ ? අනික සත්තුත් ඉදි පුතේ "

" උදේන්ම ගියාම වේලාසන එන්න පුලුවන් නේ...සත්තු කියලා ඉතිං කුඩෑල්ලෝ තමා ඉන්නේ...මං උන්ට බය නැහැ ඔම්මා..."

ජන්කුක් එහෙම උත්තර දෙමින් යූනාගේ තරමක් විශාල ලේන්සූවක් ඔලුවේ බැද ගන්න ගමන් තවත් සුදු පාට රෙද්දක් අතේ තිබ්බ බෑග් එකට දා ගත්තා....

" ඔහොම ඉදින් එහෙනම්...අප්පාට හදන කෑම එකෙන් උබටත් ටිකක් බෙදලා දෙන්න...කොහෙද ඉතිං උබත් දැන් මුරණ්ඩු කොල්ලෙක් වෙලා නේ ..."

ටිකකින් යූනා පත්තර වලින් ඔතපූ පාර්සලයක් ජන්කුක්ගේ අතට ගුලි කරද්දි ඒකත් බෑග් එක අස්සටම දා ගත්ත ජන්කුක් ගෙදරින් එලියට බැස්සා....

ඒ වෙනකොටත් උදෑසන හයට කිට්ටුව තිබුන එකෙන් ගම වට වෙලා තිබ්බ කඳු පන්තිය මැදින් යාන්තමට හිරු එලිය ගමට වැටෙමිනුයි තිබුනේ....

පුංචි සීතලක් දසත පැතිරෙමින් ඇඟේ හිරිගඬු පවා ඇහැරවද්දි ගෙදරින් එලියට බැස්ස ජන්කුක් ගෙදර ලඟ ඉදන් මඳක් දුරට ඇවිදගෙන ඇවිත් වට පිට බලන ගමන් කලින් බෑගය තුලට දා ගත්ත යූනාගේ සුදු පාට රෙදි කඩ අතට ගත්තා....

Call me by your name 🦋 ( Completed ✅)Where stories live. Discover now