Chapter 22

1.4K 282 504
                                    

වේලාව පාන්දර දෙකයි ~

ගැඹුරු නින්දක පසුවෙමින් හිටිය ජන්කුක් එකපාරම ගැස්සිලා ඇස් ඇරියා...

යූනා වුබින් දෙන්නාත් ජන්කුක්ට කලින්ම ඇහැරිලා...

" ඔම්මා , මොකක්ද සද්දේ ? "

ජන්කුක් තමන්ගේ ඇහැක් පිහිදන ගමන් එහා පැත්තේ හිටිය යූනාගේන් අහනකොට යූනා භූමිතෙල් ලාම්පුවේ එළිය වැඩි කරලා වුබින් දිහා බැලුවා...

" මහත්තයා , ගමේ මිනිස්සු නේද ? "

" ඔව්...ඒත් මොකක්ද දන්නෑ කලබලේ ? "

" අපිත් ගිහින් බැලුවොත් නරකද ? "

" නැහැ නැහැ උබලා දෙන්නා ඔහොම හිටපන්කෝ...මං ගිහින් බලන්නම්..."

වුබින් එහෙම කියලා තමන්ගේ සරම නැවතත් තදින් ගෙට ගහ ගන්න ගමන් ඇඳ කොනේ තිබ්බ කමිසය ඇඟ ලා ගෙන ගෙදර දොර ඇරියා...

ගමේ මිනිස්සු හැමෝම ලාම්පුයි , පත්තු කර ගත්ත කොල පන්දමුයි අරගෙන කලබලෙන් ගම වටේ දිව්වා...

" මොකක්ද කලබලේ ? කාවද මේ හොයන්නේ ? "

වුබින් ඉස්තෝප්පුවෙන් පහලට බැහැලා ගමේ මනුස්සෙක්ගෙන් අහන අතරේ ජන්කුකුත් ඇවිත් වුබින්ගේ අතක එල්ලුනා....

වුබින් ජන්කුක්ව එහෙමම තමන්ගේ පිටිපස්සට ගන්න ගමන් තමන්ගේ ඉස්සරහා හිටිය මනුස්සයාගේන් උත්තරයක් ලැබෙනකන් බලාගෙන හිටියා....

" පුංචි මහත්තයා අතුරුදහන් වෙලා ජියෝන්...මේ ගමේ හැම තැනම හොයනවා...ඒත් කොහෙවත් නැහැ.... ආඃ අරහේ ලොකු නෝනාත් පපුව අල්ලන් මැරෙන්න හදනවා..."

" මොකක් !! ඔහොම...ඔහොම පොඩ්ඩක් ඉදපන්කෝ.. මමත් ඉක්මනින් ලාම්පුව අරන් එන්නම්..."

Call me by your name 🦋 ( Completed ✅)Where stories live. Discover now