" ප්‍රොෆෙසර් නම්ජුන් ? "
තමන්ගේ පිටිපස්සේන් ඇහුන ටේහියුන්ග්ගේ කට හඬට කලබල උන ජන්කුක් අත් දෙකෙන්ම තමන්ගේ ඇඟ උඩ හිටිය මනුස්සයාව තල්ලු කරලා දැම්මා....
" ඔහ් සොරි..."
ඒ මනුස්සයාත් ඉක්මනින් ජන්කුක්ගේ ඇඟ උඩින් අයින් වෙලා බිම දණ ගහගෙනම ඔලුව පහත් කරමින් ජන්කුක්ගෙන් සමාව ගනිද්දි ඉක්මනින් බිමින් නැඟිට්ට ජන්කුක් කිසිවක් නොකියා ඒ ක්ශනිකයෙන්ම ගෙදරට දුවනවා වෙනුවට එහෙමම ගමෙන් එපිටට දිව්වා....
ජන්කුක්ගේ අමුතු හැසිරිමත් එක්ක තමන්ව දැක්ක හැටියේ ජන්කුක් පිටිපස්ස නොබලාම කඩාගෙන දුවන දිහා ටික වේලාවක් කුතුහලෙන් බලාගෙන හිටිය ටේහියුන්ග් තමන්ගේ ඉස්සරහා දණ ගහගෙන හිටිය නම්ජුන් බිමින් නැඟිටින්න උත්සහා කරනකොට එයාට උදව් වෙන්න ඒ පැත්තට අඩි තිබ්බා....
" ප්‍රොෆෙසර්ට අමාරු නැහැ නේද ? "
ටේහියුන්ග් නම්ජුන්ගේ ඇඟේ ගැවිලා තිබ්බ දුවිලි ටික පිහන්න පටන් ගනිද්දි නම්ජුන් පිටිපස්සට බෙල්ල හරවලා ගමට ඇතුල් වෙන්න තිබ්බ පිවිසුම දිහා බැලුවා....
" මට නම් අමාරුවක් නැහැ...ඒත් අර පොඩි කොල්ලා තමා මට තැලුනේ..."
නම්ජුන් තමන්ගේ ඇඟේ බර තප්පර කිහිපයකට හරි දරා ගන්න සිද්ද වෙච්ච ඒ කොල්ලා ගැන මොහොතකට අනුකාම්පා කරා....
කවුද එතකොට ගමට ආව මේ අලුත් අමුත්තා ?
නම්ජුන් , එහෙමත් නැත්තම් කිම් නම්ජුන් කියන්නේ ටේහියුන්ග්ට උගන්වන එක් තරුණ මහාචාර්යයවරයෙක්...
සෝබාව ධර්මයට බොහො ලැදියාවක් දක්වන නම්ජුන් ටේහියුන්ගේ ගම ගැන අහපූ සුන්දර කතාත් එක්ක ඒ ගම නොදැක උනාත් බොහෝ සෙයින් ආලය කරන්න පටන් ගත්තා....
නම්ජුන් ටේහියුන්ට වඩා අවුරුදු හතරක විතර වැඩිමල් කෙනෙක් උනා....ඔහූ ටේහියුන්ග්ට වඩා තරමක් උසයි වගේම ඒ ඇඟ පතත් ටේහියුන්ග්ට වඩා පිරිපුන් වෙලා තිබ්බා...නම්ජුන්ගේ පෞරුෂය ඇත්තෙන්ම පරිපූණයි....ඒ ඇඟ පිරිමියෙකුට අත්‍යවශ්‍යම අයුරින් හැඩ ගැහිලා තිබුනා....දැනුම , කඩවසම්කම මේ කියන හැමදේකින්ම පිරිලා ගිහින් හිටිය නම්ජුන් ඇත්තෙන්ම අංග සම්පුර්ණ වෙච්ච කෙනෙක්....
![](https://img.wattpad.com/cover/321537118-288-k134365.jpg)
YOU ARE READING
Call me by your name 🦋 ( Completed ✅)
Fanfictionපිටිසර ගම්මානයක එකට හැදී වැඩුනු පුංචි කොල්ලො දෙන්නෙක්... කාලය සුලඟ මෙන් හමාගෙන යද්දි ඔවුනොවුන් එකිනෙකාගේ ඇස් ඉදිරිපිටම තරුණ යෞවනයන් බවට පත්විය.... එයින් කෙනෙක් නම් ටේහියුන්ග්ය , ගමේ නම ගිය තරමක් ධනවත් පවුලකට හිමිකම් කිව්ව ටේහියුන්ග් වැඩිවියට පත් වීම...