" අහ් ? ආයේත් මැශිම පාඟන වැඩේ පටන් ගත්තා ද ?"
කුස්සියේ උයමින් හිටිය යුනා ඇදගෙන හිටිය ඇඳුමෙන්ම අතත් පිහිදමින් සාල කෑල්ලට ගොඩ උනේ දැන් විනාඩි ගානක ඉදන් ගේ ඇතුලේ හිටියාත් කිසිම
සද්දයක් බද්දයක් නැති ජන්කුක් මොකද කරන්නේ කියලා බලන්නයි...." අනේ ඔම්මා...මට මේ ඉඳි කට්ටට නූල දාලා දෙන්නකෝ...මිනිත්තු පහක් විතර තිස්සේ මේ මේක කරන්නේ..."
දිවේ පැත්තක් හපාගෙන ඉඳි කට්ටේ සිදුර දිහාවට තමන්ගේ සම්පුර්ණ අවදානේම තියාගෙන හිටිය ජන්කුක් යූනාගේ කට හඬින් හරි සිහියට ඇවිත් නහය දිගේ රූලටලා ආව යූනාගේ කන්නාඩි කුට්ට්ම ආයේ හරියට හදා ගන්න ගමන් තොල් දෙක උල් කර ගත්තා...
" උබට මහන්න බැරි නම් ඕක අත ඇරලා දාපන් කොල්ලෝ...දැන් කී දොවහක් තිස්සේ ද රෙදිකඩකුයි නූල් ටිකකුයි හොයාගෙන මෙහෙම මහන්න උත්සාහ කරන්නේ..."
" මට හියුන්ගීට තෑග්ගක් දෙන්න ඕන...අලුත් අවුරුද්ද පටන් ගන්න කලින් මං බලන්නේ හියුන්ගීට කබායක් මහලා දෙන්න..."
ජන්කුක් අත් දෙකේ තියන් හිටිය ඉදි කට්ටයි නූලයි එක්කම අත් දෙක ඔඩොක්කුව උඩට වට්ටගෙන හුස්මක් පහල දාලා තවත් තොල් උල් කර ගනිද්දි ජන්කුක් දුකින් ඉන්න බව වැටහුන යූනා ජන්කුක් ඉදගෙන හිටිය ඇඳෙම එහා පැත්තෙන් වාඩි උනා...
" ඉතිං රත්තරනේ ඔච්චර මහන්සි වෙන එකේ ටවුමෙන් එකපාර කාසි වලටම එකක් අර ගත්තා නම් ඉවරයි නේ..."
" ටවුමෙන් ගන්න තරම් මං ගාව කාසි කොහෙන්ද ඔම්මා...අප්පාගෙන් ඉල්ලන්නත් බැහැ...එයාත් සොච්චමක් හම්බ කරන්න හුඟාක් මහන්සි වෙනවා නේ...ඒකයි මං මගේ අතින්ම එකක් මහන්න හදන්නේ..."
![](https://img.wattpad.com/cover/321537118-288-k134365.jpg)
YOU ARE READING
Call me by your name 🦋 ( Completed ✅)
Fanfictionපිටිසර ගම්මානයක එකට හැදී වැඩුනු පුංචි කොල්ලො දෙන්නෙක්... කාලය සුලඟ මෙන් හමාගෙන යද්දි ඔවුනොවුන් එකිනෙකාගේ ඇස් ඉදිරිපිටම තරුණ යෞවනයන් බවට පත්විය.... එයින් කෙනෙක් නම් ටේහියුන්ග්ය , ගමේ නම ගිය තරමක් ධනවත් පවුලකට හිමිකම් කිව්ව ටේහියුන්ග් වැඩිවියට පත් වීම...