Jungkook's pov ~
" හිතෙන ඕනම දෙයක් කරමූ..."
හියුන්ගී මගේ කන ලඟ මුමුනවා මට හීනෙන් වගේ ඇහුනා....
මං දන්නේ නැහැ...මේ හැමදේම ඇත්තටම මගේ ජිවීතේ සිද්ද වෙන ඒවාද කියන්නවත් මං දන්නේ නැහැ...
හියුන්ගී මගේ අතට රිදී පාට මුද්දක් දැම්මා...ඒ විනාඩි කිහිපය මට දැනුනේ නිකන් මං ෆැන්ටැසියක හිර වෙලා ඉන්නවා වගේ...
හියුන්ගී එයාගේ වචන ඒ විදිහටම ඉශ්ට කරා...තරු පිරිච්ච අහසක් යට මගේ ඉස්සරහා දණ ගහගෙන හිටිය මගේ හියුන්ගී මං අවුරුදු ගානක් තිස්සේ අහන්න ආස කරාපූ ඒ වචන කිහිපය අවසානේ මගේ ඇස් දෙක දිහා බලන්ම කිව්වා...
මං දන්නවා...හියුන්ගී කියන්නේ පොඩි කාලේකට හරි මගෙන් දුරස් උන කෙනෙක්...නමුත් ජිවීතේ කියන්නේම පැටලීම් සහගත ප්‍රශ්නයක්...සමහර වේලාවට අපිට දැනෙන දේවල් ගැන හරි අවබෝධයක් අපිටවත් නැහැ...හියුන්ගීටත් උනේ ඒක...ඉතිං මං සමාව දුන්නා...මගේ හිතේ හියුන්ගී ගැන තරහක් වෛරයක් කවදාවත්ම තිබ්බේ නැහැ....මං කොහොමද එහෙම කරන්නේ...ඒ මගේ ආදරේ...මගේ හිත රහසින්ම ආදරේ කරපූ එකම මනුස්ස පරානේ...ආදරය කරපූ කෙනෙක්ව නොලැබුන තැන වෛර කරනවා කියන්නේ එතන තියෙන්නේ ආදරේකට වඩා කෑදරකමක්....
හියුන්ගී මගේ ඇස් වලට කඳුලු ගෙනාවෙත් එයාගේ පැත්තේන් තිබුන ආදරයක් නිසා...ඉතිං මං අයින් වෙලා නිහඬ උනා...මං මගේ මුරණ්ඩූ හිතට හැමවේලාවේම අවවාද කරේ ආදරේ කියන්නේත් එක්තරා පරිත්‍යාගයක් කියලා....
නමුත් අපේ ඉරණම් නොහිතුව විදිහට වෙනස් උනා...නගරේට ගියපූ හියුන්ගීටයි , ගමේ තනි වෙච්ච මටයි උරුම උනේ වෙනස්ම විදිහේ මාර්ග දෙකක් උනාට මටවත් එයාටවත් කිසිම විදිහකින් අදහසක් නොතිබ්බා මේ දෙකට බෙදෙන පාරවලුත් කොතනකදි හරි ආයේත් එක් වෙයි කියන එක....
අවසානේ අපි දෙකට බෙදුන පාරවල් දෙකේ අන්තිම සීමාවට ආවා...
මේ තාක් තනියම එන්න උන පාරවල් දිගේ අපිට අපේම කියලා කතා තිබුනා....
වැටුනා , ඇඬුවා , හිනා උනා , අලුත් මිනිස්සු මුණ ගැහුනා , ඒ මිනිස්සු එක්ක අලුත් සම්බන්ධකම් පටන් ගත්තා....
YOU ARE READING
Call me by your name 🦋 ( Completed ✅)
Fanfictionපිටිසර ගම්මානයක එකට හැදී වැඩුනු පුංචි කොල්ලො දෙන්නෙක්... කාලය සුලඟ මෙන් හමාගෙන යද්දි ඔවුනොවුන් එකිනෙකාගේ ඇස් ඉදිරිපිටම තරුණ යෞවනයන් බවට පත්විය.... එයින් කෙනෙක් නම් ටේහියුන්ග්ය , ගමේ නම ගිය තරමක් ධනවත් පවුලකට හිමිකම් කිව්ව ටේහියුන්ග් වැඩිවියට පත් වීම...