උදෑසන හයයි...
තමන් ගාව තිබ්බ හොඳම ඇඳුම තෝරගෙන ඒක ඇද ගත්ත ටේහියුන්ග් අවශ්‍ය කරන බඩු මුට්ටු ටික එද්දි කරේ දාගෙන ආව බැගයට දාලා අතේ තිබ්බ ෆයිල් කවරයට ඇතුල් වීමේ ලිපියන දා ගනිමින් ඊට පැයකට විතර පස්සේ කාමරේ දොර වහන ගමන් පහල තට්ටුවට ගියා...
අද ටේහියුන්ග්ගේ විශ්ව විද්‍යාලයේ පලවෙනි දවස...නගරේට ආවාම යන පලවෙනි ගමන...
කලින් රාත්‍රියේ මහ ලොකු කාලයක් නිදා ගන්න බැරි උනාත් ටේහියුන්ග් මේ යන්න ඉන්න වැදගත් ගමන නිසා තරමක ප්‍රබෝධයෙන් හිටියා...
පඩිපෙල බැහැගෙන මඟට එද්දි ටේහියුන්ග්ගේ කන් වලට ඇහුනේ කුස්සියේ බඩු මුට්ටු වල සද්දෙයි....
යුන්කී උදේන්ම අවධි වෙලා කියලා ඒ ශබ්ද වලින් තේරුම් ගත්ත ටේහියුන්ග් තමන්ගේ බෑගය එක අතකින් අල්ලන් එහෙමම කුස්සියට ගියා...
" සුභ උදෑසනක් නැන්දේ..."
" ඔහ් ! ගුඩ් මෝනින්..."
ටේහියුන්ග් කුස්සියේ දොර ගාව හිටගෙන උදේට පිපෙන මලක් වගේ ලස්සනට හිනා වෙද්දි ලිප උඩ තිබ්බ හට්ටියෙන් මදකට ඇස් අහකට ගත්ත යුන්කී ටේහියුන්ග්ට ආ පිට සුභ පැතුවා...
" මොකද මෙච්චර වේලාසනින් නැඟිටලා ? "
" විශ්ව විද්‍යාලේ හොයාගෙන යන්න ඔනී නේ නැන්දේ...ඒක නිසා වේලාසන නැගිට්ටා...නැන්දා දන්නවාද කොහෙන්ද බස් එක ගන්න තියෙන්නේ කියලා...? "
" මොකටද බස් වල යන්නේ...අපෙ එකීත් යන්නේ පුතාගේ එකටම තමයි...දෙන්නා එක්ක මොනා හරි උදේට කාලා එකටම යුනිවර්සිටි එකට යන්න පුලුවන්..."
" නැන්දාගේ දුවත් එකේමද ? "
" ඔව් ඔව්...දැන් තව ටිකකින් පහලට බහී...කොහෙද ඊයේ එයා එද්දි හුඟාක් රෑ උනා නේ...ඒ හින්දා මුන ගස්සන්නත් බැරි උනා..."
![](https://img.wattpad.com/cover/321537118-288-k134365.jpg)
YOU ARE READING
Call me by your name 🦋 ( Completed ✅)
Fanfictionපිටිසර ගම්මානයක එකට හැදී වැඩුනු පුංචි කොල්ලො දෙන්නෙක්... කාලය සුලඟ මෙන් හමාගෙන යද්දි ඔවුනොවුන් එකිනෙකාගේ ඇස් ඉදිරිපිටම තරුණ යෞවනයන් බවට පත්විය.... එයින් කෙනෙක් නම් ටේහියුන්ග්ය , ගමේ නම ගිය තරමක් ධනවත් පවුලකට හිමිකම් කිව්ව ටේහියුන්ග් වැඩිවියට පත් වීම...