Chapter 07

1.3K 349 167
                                    


÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
================================

සති කිහිපයක් ගත උනත් , හන්ජීගේ මනසින් එදා රෑ ටේහ්‍යුන්ග් කියපු කිසි දෙයක් අමතක කරන්න බැරි උනා තවම.

'Seo-joon, හන්ජීව marry කරේ ආදරේ හින්දා නෙමේ, ඒ ජන්කුක් හින්දා ? '

හන්ජිට ඒක විශ්වාස කරන්න ඕන උනේ නෑ. මොකද හන්ජී seo-joonට ආදරේ කරා. විශ්වාස කරා. ඒකයි අවුරුද්දක් ඇතුලත marry කරන්නත් එකග උනේ.
වයසින් වැඩි උනත්, දරුවෙක් හිටියත්...

හන්ජී, ටේහ්‍යුන්ග්ගේ වචන අමතක කරන්න තීරණේ කරා. තරහට ටේහ්‍යුන්ග් කියන වචන කියලා හිතුවා.

හන්ජී ඔක්කොම හිතේ විතරක් තියන් ඉන්න හිතුවා. හන්ජී ටික ටික ගෙදර කෙනෙක්ම උනා.. ගෙදර උයන වැඩ සහ අනිත් වැඩ ලුසී එක්ක එකතු වෙලා කරා.

ඒ වගේම seo-joon සුපුරුදු විදියට වැඩට යනවා. ඒ වගේම ටේහ්‍යුන්ග් , ජන්කුක් දවසින් දවස එන්න එන්නම් එකිනෙකාට ගොඩක් ලං වෙලා.

H-" ජන්කුකී ! "

හන්ජී, එක පාරම කෑ ගැහුවේ එතන කුස්සිය පහු කරන් යන ජන්කුක් දැකලා.
ජන්කුක් එකපාරම නතර උනා.

H-" කොහෙද යන්නේ ? "

Jk-" එලියට "

H-" අද ඔයාට නිවාඩු .. අද පාර්ට් ටයිම් නෑ. ඉතින් ඇයි එලියට ? "

Jk-" ඉක්මනින් ආකේඩ් එකට ගිහින් එන්නම් "

H-" අද වැඩ නැත්තන් ඇයි ආකේඩ් එකට යන්නේ මොකටද "

Jk-" ආකේඩ් එකට යන්නේ කෑම හදන්න නෙමේනේ හන්ජී.. ඒකට යන්නේ ගේම් play කරන්න "

හන්ජීගේ ඇස් පුදුමෙන් ලොකු උනා. ජන්කුක් සාමාන්‍යයෙන් අහිංසක ලමයෙක්. ඒත් මේ ඊයේ පෙරේදා ඉදලා ටිකක් දගලන්න අරන්.

හන්ජී හිතන විදියට ජන්කුක්ගේ මේ හැසිරීමට හේතුව නරක ආශ්‍රේ.. ටේහ්‍යුන්ග් එක්ක නිතරම එලියේ රවුම් ගහන්න පුරුදු වෙලා, රෑට ගොඩක් දවස් වලට එලියෙන් කනවා, ගෙදර එන්නේ රෑ වෙලා  ..

H-" ආකේඩ් එකේ කරන්නේ game කියලා දන්නවා. ඒත්, ඔයාට ඔහොම රවුම් ගහන්න බෑ. මොකද ඔයා දැනටමත් engage වෙලා ඉන්නෙ, ඔයාට වගකීමක් තියනවා. කොහොමද ඔයා ලුසීට මෙහෙම කරන්නේ ? ලුසී එක්ක දවස් කීයකින් හරියට කතා කරාද ? එයාටත් එයාගෙම හැගීම් තියනවා, එක දවසකටවත් ලුසී ගෙන හිතන්න බැරිද ?"

Dosen't belong loveWhere stories live. Discover now