Chapter 21

1K 307 97
                                    

€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$================================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
================================

Jk-" අර්හ්... බෑ.. ආයෙත් බෑ.. "

ජන්කුක් , අතේ තිබ්බ ස්ටික් එක ආයෙත් තිබ්බේ කේන්තියෙන්.

Jk-" ආයෙ මං game play කරන් නෑ .. මේ සැරෙත් ඔයා cheat කරා... cheater ..... "

ටේහ්‍යුන්ග් හිනා උනා. මොකද ජන්කුක් ගේම් එකක් පරදින හැම වතාවෙම කියන්නේ ඕක. ඒත් පහුවදා හවසට ආයෙත් ආකේඩ් එකට යමුද ඇහුවොත් ජන්කුක් කෙලින්ම කැමති වෙනවා.

ටේහ්‍යුන්ග් එදා කේන්තියෙන්ම ආයෙ ඉතාලියේ ඉදන් කොරියාවට ආවා. තනියෙන් නෙමේ, ජන්කුක් එයාගේ මැරේජ් එක reject කරලා ටේහ්‍යුන්ග්  එක්ක ආයෙත් කොරියාවට ආවා.

එයාලගෙ ගෙදරට ආවේ. මොකද ටේහ්‍යුන්ග්ට වෙන ඉන්න තැනක් නෑ. එයා අතේ තිබ්බ සල්ලි ඔක්කොම එයාලගේ ඉතාලියේ ගෙවපු සතියේ ඉවර උනා. ටේහ්‍යුන්ග්ට , ජන්කුක්ව එක්කගෙන වෙන කොහෙ හරි ඈතකට යන්න ඕන උනත් ඒක කරන්න තරම් මුදලක් එයාගේ අතේ තිබ්බේ නෑ.

ඒත් ටේහ්‍යුන්ග්ගේ වෙන plan එකක් තිබ්බා. ඒකට තව ටික කාලයක් ඕනේ. ඒ කාලේ හදා ගන්නකන්, එයාට මේ ගෙදර මාසයක් දෙකක් නතර වෙලා ඉන්න වෙනවා.

එයාලා ආයේ කොරියාවට ආවේ ඊයේ රෑ. දෙන්නා අද උදේ රෙස්ට් කරලා දවල් වෙලා ආකේඩ් එකට ගියා. වෙනදා වගේම ටේහ්‍යුන්ග්ගේ බයික් එකේ දෙන්නා ගියේ.

ජන්කුක්ට මේ වීදී, මේ ආකේඩ් එක හැම දේම ඉතාලියෙදී ගොඩක් තදින් මතක් උනා. මොකද මේ දේවල් වල ඒ දෙන්නගේ මතකයන් ගොඩක් බැදිලා. බයික් එකේ ටේහ්‍යුන්ග්ව තදින් බදාගෙන යනකොට එන සීතල හුලග, ඒ හුලගින් පවා එන්නේ ටේහ්‍යුන්ග්ගේ සුවද.

Dosen't belong loveWhere stories live. Discover now