හැදින්වීම

251 35 75
                                    

මේක fantasy කතාවක්නේ. දිය කිදුරු කතාවක් නිසා මන් මවන fantasy ලෝකේ දිය කිදුරො කිදුරියො ගැන කියන්න ඕනෙ මුලින්ම. මෝකද මේ part එක කියවන්නෙ නැතුව ඔයාලට කතාව තේරුම් ගන්න බෑ නේ.

දිය කිදුරු ලෝකේ ගැන කතා කලොත් ගෑනු දියකිදුරියෝ වගේම පිරිමි දියකිදුරොත් ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දිය කිදුරු ලෝකේ ගැන කතා කලොත් ගෑනු දියකිදුරියෝ වගේම පිරිමි දියකිදුරොත් ඉන්නවා.අපේ tea කියන්නෙ මේ වගේ දියකිදුරෙක් තමා 😊💝

කිදුරෝ ඉන්නෙ මුහුදේ ගැඹුරුම ආගාධයක් ලග සාමාන්‍ය කිමිදුම් කරුවන්ට,වගේම නැව් වලටත් මෙතන අහු වෙන්නෙ නෑ.මේක නිසා එයාලා ගොඩක් ආරක්ෂිතයි. ඒ ආරක්ෂිත කලාපයට කියන්නෙ කිදුරු සීමාව කියලයි.කිදුරු සීමාවෙන් ඔබ්බට යන්න එපා කියලයි එයාලගේ රැජින නියෝග කරලා තියෙන්නෙ. ඉතින් මේ හැම කිදුරෙක්ම ආරක්ෂිත කලාපය තුල හැමෝටම හොරෙන් ජීවත් උනා.

ඒවගේම මේ දියකිදුරන් මිනිස්සුන්ට වඩා ගොඩක් ශරීරයෙන් ශක්තිමත්.ඒ වගෙම හොද මතකයක් තියෙනවා.මිනිස්සුන්ගේ මතකය අමතක කරවන්නත් මෙයාලට පුලුවන්.දිය කිදුරෝ එකිනෙකාට කතා කරන්නෙ මනසින්.හැබැයි එයාලට කතාකරන්නත් පුලුවන්. හැබැයි කතා කරන්න ඉගෙන ගන්න එක රැජින තහනම් කරලා තියෙන්නෙ. ඒක ආරක්ශාවට තර්ජනයක් ලු.තව ගොඩක් හැකියාවන් මේ දියකිදුරන්ට තිබ්බා.

දියකිදුරන්ගේ ජීවිත කාලේ විශේෂම දෙයක් තියෙනවා එ  තමයි එයාලගේ හදවතේ හිමිකාරයව හොයාගන්න එක.කිදුරෝ ජීවිත කාලෙටම ආදරේ කරන්නේ එකම එක කෙනාටයි. මිනිස්සුන්ට වඩා කිදුරන්ට ආදරය කියන හැගීම එයාලගේ ජීවිතයට බැදිලා තිබ්බා. කිදුරන්ට මේ හදවතේ හිමිකාරයව හම්බුනාට පස්සෙ ලැබෙන ආදරේ තමා එයාලගේ ඉතුරු ජීවිත කාලේ තීරණය කරන්නේ. කිදුරො එයාගේ හදවතේ හිමිකාරයව හම්බුනාට පස්සෙ එ කෙනාට ප්‍රථම හාදුව දෙනවා.ඒක නිකම්ම නිකම් හාදුවක් නෙමේ ඉට පස්සෙ ඉදන් එයාගේ  හදවත ගැහෙන හේතුව වෙන්නෙත් මෙ ප්‍රථම හාදුවේ හිමිකාරයයි

💝The Owner of Mermaid's heart💝Where stories live. Discover now