16. මොකද්ද ???

105 26 40
                                    

"නම මොකද්ද ?"

"Taehyoung"

"වාසගම මොකද්ද "

"වාසගම මොකද්ද " tae ත් ආයෙම පාරක් Rm අහපු එකම rm ගෙන් ඇහුවා.

"මම කෝමද තමුන්ගේ වාසගම දන්නෙ. මන් එක නොදන්න නිසා නේ මේම ප්‍රශ්න අහන්නෙ"

"නෑ මන් ඇහුවේ වාසගම කියන්නේ මොකකටද කියලයි"

Tae එහෙම කියද්දි Rm,Jk,Jin තුන් දෙනාම ශොක් උනා.

"ඇත්තටම Rm hyeong මේ Taehyung නැගිට්ට ගමනුත් සමහර එවා මේ වගේ නොදැන හිටියා. එයා සේලයින් ඉන්ජෙක්ෂන් කියන්නෙ මොනවද කියලවත් මුකුත් ගැන දැනන් හිටියේ නෑ.මෙයාට අමතකයි වගේ දේවල්"Jk ඉක්මනට උත්තර දුන්නෙ tae ගේ කලින් හැසීරීම් මතක් වෙලයි.

"ඒත් ඒ කෝමද"

"සමහර විට එයා ශොක් වෙලා ඇත්තේ එ නිසා namjoon තමුන් පොඩ්ඩක් soft විදියට මෙයාගෙන් ප්‍රශ්න අහන්න. මොකද මෙයා මගේ patient කෙනෙක්."
Jin Rm ට සැර වෙලා කිව්වා.

"එත් දැන් එයා මට කට උත්තර දෙන කෙනෙක්.Mr,Taehyung හොදට අහගන්න. ඔයා දැන් මට මතක  දේ ඇත්තම කියන්න ඕනේ. එහෙම නැතුව බොරු කිව්වොත් ඔයාට ලොකු ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයි.හොදයි දැන් ඔයාගේ ගෙදර ලිපිනය මොකද්ද ."

"ලිපිනය කියන්නෙ මොකද්ද ?"

මේක ඇහුවම Rm ට යකා නැග්ගා ටිකක්. අතේ තිබ්බ නොට් බුක් එක ඩෙස්ක් එකට දමලා ගහපු එයා phone එක ගත්තා.

"තමුන්ට phone එක කියනදේ වත් මතක නම් ඔයාගේ phone එක හරි ඔයාගේ ගෙදර කෙනෙක්ගේ phone number එක ගැන හරි කරුණාකරලා කියනවද?"

"Phone එක කියන්නෙ මොකද්ද ? කවුද ගෙදර අය කියන්නේ"

මේක අහපු Rm පුටුවෙන් නැගිටලා කාමරේ ඒහාටයි මෙහාටයි ඇවිද්දේ පිස්සු හැදිලා වගෙයි. ඒ වගේම room එකේ අනිත් දෙන්නත් හිටියේ පිස්සුවෙ වගෙයි. මොකද කිසිම විදියකට tae ව identify කර ගන්න විදියක් එයාලට තිබ්බේ නෑ.

" ඔයාට මතක දේවල් තියෙනවා නම් අපිට කියන්න. මොකද මටවත් මේ doctorටවත් police officer ටවත් ඔයා ගැන කිසිම දෙයක් දන්නෙ නැතුව ඔයාට උදව් කරන්න බෑ"

Jk එහෙම කිව්වම Tae ට ටිකක් දුක හිතුනා. මොකද  Jungkook කිව්වනේ තමන්ව එයා දන්නෙ නෑ කියල. එත් එකෙත් ඇත්තක් තියෙනවා මොකද ගොඩක් මිනිස්සුන්ට කිදුරන්ගෙන් ලැබෙන පලමු හාදුව අමතක වෙනවා. Jungkook ටත් ඒක වෙලා තියෙන්නෙ. එත් tae ට මේ හැමදේම මතකයි. ඒ වගේම දන්නවා. එත් Rm අහන එකම ප්‍රශ්නයක්වත් ගැන tae දන්නෙ නෑ"

💝The Owner of Mermaid's heart💝Where stories live. Discover now