03.ප්‍රථම හාදුව...

99 27 20
                                    

Jungkook ඔලුව තියාගෙන ඉන්න එක  වගේම party එකේ කරච්චලෙ එපාවුන නිසාත් jimin ගේ කියවිල්ල නැති වෙච්ච නිසාත් ඔලුව ඉස්සුවා.

" එයී waiter මට තව විස්කී බෝතලයක් දෙනවා"

" එත් Jk sir දැන් ගොඩක් drinks අරන් නේද ඉන්නෙ"

"මමයි මෙතන බොස් . මට බොන්නත් තමුන්ගෙන් අවසර ගන්න ඕනෙද"

"නෑ සොරි සර්. මෙන්න සර්ගේ බෝතලය"

"පලයන් යන්න එහෙනම්"

Waiter ට සද්දයක් දාපූ Jungkook මේ බෝතලත් බොන්න පටන් ගත්තා. එ වෙනකොටත් හොදටම මත් වෙලා හිටිය Jungkook මේ නිසා තවත් වෙරි  වුනා. පිස්සුවෙන් වගේ තනියම කියවන්න පටන් ගත්තෙත් එ වෙරි මත නිසාමයි.

"අනෙ මංගල වැස්ස ඔයාලා මට මෙච්චර සුබ පතනවද ?ඇති නේ දැන් සුබ පැතුවා"

Jungkook නොනවත්වා වහින වැස්ස දිහා බලාගෙන වෙරි මතින්  මුමුනනවා.

" මෙච්චර ලොකු සුබ පැතුමක් එවන්න  තරම් කවුද ඔය වලාකුළු අස්සෙ ඉන්නෙ.ම්ම්ම්ම් මගේ ආත්තම්මා නේද? මගේ අත්තම්මෙ All the best කිව්වට thank you .... ඔයා මෙච්චර වැස්ස වස්සලා මහන්සි වෙන්න ඕනේ නෑ.................................................................
තාම වහිනවා නේ... ආ ඔව් නේ අත්තම්මට මන් ඇතුලේ ඉදන් thanks කලාට ඇහෙන්නෙ නෑ නෙ. So sorry. ඉන්න මන් එන්නම් එලියට අත්තම්මෙ"

Jungkook විස්කි බෝතලයත් අතේ තියන් බිබි කියව කියව නැවේ ඇතුලෙ ඉදන් බැල්කනියට ආවා .

"Thank youuuuuu මගෙ අත්තම්මෙ මන් ඔයාට ආදරෙයි................................."

Jungkook පුලුවන් තරම් සද්දෙන් කෑ ගැහුවා. එත් ඇතුලේ අයට නම් party සද්දෙත් එක්ක මේ සද්දේ ඇහුනෙ නෑ.

"ම්ම්ම් අත්තම්මා මට ගොඩ ගොඩාක් ආදරෙයි එකයි තාමත් වහින්නේ " Jungkook පිස්සුවෙන් වගේ බැල්කනියේ වැටේ උඩ වාඩි වුනා. මහ වැස්සෙන් වැටෙන වතුර බිදු අතින් අල්ලන්න පටන් ගත්තා.

කුණාටුවත් මේ අතර තිබ්බට වඩා දරුනු උනා. මෙ අතර රැල්ලත් එක්ක ගැස්සුන නැවෙ වැට උඩ හිටිය Jungkook මුහුදට වැටුනේ අතේ තිබ්බ විස්කි බෝතලයත් කුඩු කරගෙනයි.

 මෙ අතර රැල්ලත් එක්ක ගැස්සුන නැවෙ වැට උඩ හිටිය Jungkook මුහුදට වැටුනේ අතේ තිබ්බ විස්කි බෝතලයත් කුඩු කරගෙනයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
💝The Owner of Mermaid's heart💝Where stories live. Discover now