CHAPTER 01

742 89 61
                                    


මොන තරම් දීප්තිමත් වෙලාවක වුණත් අඳුරෙ ගිලිලා තිබුණ විශාල මන්දිරයක ඉහළ මාලයේ ඇරලා තිබුණ ජනේලයක්න් ඇතුළට ආව මද සුළඟකට අඳුරු කාමරයේ බිමි ඉඳලා සිවිලිමට උස ජනෙල්වල ඝන කළු පාට තිර රෙදි වලට ඉහළින් දෙවන තිරයක් විදියට යොදලා තිබුණ දුහුල් කළු පාට තිර රෙදි ලෙල දුන්නෙ අමුතු හඬක් නංවමින්....

මේසෙ උඩ වහලා තිබුණ පොතක් හුළඟට ඇරිලා පිටු පෙරලිලා ගිහින් නතර වුණ තැන පිටු අතරෙ රඳවලා  තිබුණෙ ඉපදුණ ගමන් පුංචි දරුවන් දෙන්නෙක් එක ළඟ තියලා ගහපු පාට පිච්චිලා ගිය ඡායාරූපයක්....

"ම්හ්ම්...ට්-ටේඒහ්"
පොත තියලා තිබුණ කළු පාට ලීයෙන් හදලා මතුපිටට වීදුරු තහඩුවක් සම්බන්ධ කරලා තිබුණ මේසෙ දිගේ දිගා වෙලා අත් දෙක මිට මොලවගෙන කෑ ගැහෙන එක නතර කරගන්න තුවාල වෙනකල් ම තොල් හපාගෙන හිටිය රෝස මලක් වාගෙ තරුණයගෙ තොල් අතරෙන් ඒ වචන කීපය පැන්නෙ තමන්ට දරා ගන්න බැරිම වුණ තැන....

"ආහ්!"
තමන්ට පිටිපස්සෙන් ඉන්න හැඩිදැඩි තරුණයා තමන්ගෙ බෙල්ල ළඟට වැවිලා තිබුණ සුදු පාටට හුරු ලා කහ පාට සිනිඳු කොණ්ඩෙන් ඇදලා ගනිද්දි පිටිපස්සට ඇදුණ තරුණයට කෑ ගැහුණා....

"ම්හ්....යූ ෆීල් ලයික් හෙවන් ලිට්ල් ස්#ට්...."
ඇස් දෙක තද කරලා පියාගෙන අත් දෙකත් මිට මොලවගෙන ඉන්න තරුණයගෙ කනට කරලා පහත් නමුත් ගැඹුරු හඬකින් මිමිණුව අනෙක් තරුණයා දිවෙන් තොල් තෙත් කරන ගමන් කට කොනින් හිනා වෙලා ඇස් දෙක පියා ගත්තා...

.
.
.
.
.
.
.
.
.
.
.

කොරිඩෝව දිගේ වේගයෙන් ඇවිදගෙන ආව තනි කළු ඇදගත්ත කඩවසම් තරුණයෙක් ඇතුළෙන් අඟුළු දාලා නොතිබුණ උඩ ඉදලා පහළට ම ලොකු රත්තරන් පාට ඇණ අල්ලලා තිබුණ අඳුරු දුඹුරු පාට උස ලී දොරට අමුතු රටාවකට තට්ටු කළා....

දෙවතාවක් ම ප්‍රතිචාරයක් නැති වෙද්දි තමන් ආව කාරණය වැදගත් නිසා තරුණයා දොර ඇරියත් වායු සමීකරණය කරලා තිබුණ කාමරේ ඇතුළෙ දාඩියට පෙඟිලා ඉන්න තමන්ගෙ බොස්ව දැක්කා ම ඒ කොල්ලා අත් දෙක පිටිපස්සට බැඳගෙන ආයෙමත් දොර පැත්තට හැරුණෙ සමාව ගන්න ගමන්....

The Hell HighwayDonde viven las historias. Descúbrelo ahora