CHAPTER 34

341 64 114
                                    


කිචන් එකේ ඉඳලා දුම් දාන සුප් බෝල් එකක් එක්ක දැවිල්ලට හදපු රාමෙන් බෝල් එකක් තියපු ට්‍රේ එකක් එක අතක අරගෙන අනිත් අතින් වතුර පුරවපු ලොකු වීදුරු ජෝගුවක් අරගෙන අමාරුවෙන් පඩිපෙළ දිහාවට යන ජිමින් දිහා සෝෆා එකට වෙලා බලාගෙන හිටිය යුංගි අතේ තිබුණ ටැබ් එක පැත්තකින් තියලා නැඟිටලා පඩිපෙළ ළඟට ගියේ ජිමින්ට කතා කරන ගමන්.....

"ජිමින්....ඔහොම ඉන්න...ට්‍රේ එක මට දීලා ඔයා වතුර එක අරන් යන්න.."
ජිමින්ගෙ අතින් ට්‍රේ එක අරගෙන ජිමින්ට ඉස්සර වෙන්න කියලා අතින් සන් කරපු යුංගි සද්ද නැතිව ජිමින්ගෙ පිටිපස්සෙන් පඩිපෙළ නැඟගෙන ගියා....

එක්කරගෙක ආව දවසෙ කාමරේට වෙලා හිටියත් පාන්දර තුනට විතර ගාඩ්ලා කෝල් කරලා හෙසෝක් ඇක්සිඩන්ට් වුණා කියලා දවස් දෙකකින් හෙසෝක්ව ගෙදර එක්කරගෙන ආවට පස්සෙ ජිමින් හෙසෝක් ළඟින් හෙලවුණේ නැහැ.... යුංගිත් සතුටු වුණා මොනවාහරි හේතුවක් නිසා ජිමින් කාමරෙන් එළියට ඇවිත් ඉන්න එක ගැන....

හෙසෝක්ගෙ කකුල දණහිස ළඟ ඉඳන් පහළට ම වෙළලා නිසා හෙසෝක්ට තනියම ඇඳෙන් බැහැලා වැඩක් කර ගන්න පුළුවන් වුණෙ නෑ....කිහිලිකරු උදව්වෙන් වොශ්රූම් එකට යනවා එනවා ඇර වෙන දේකට ජිමින් හෙසෝක්ට ඇඳෙන් බහින්න දුන්නෙ නෑ....

එදා රෑ ක්ලබ් එකේ ඉඳලා එද්දි බයික් එක පාරෙන් පිට පැනලා හෙසෝක් ඇක්සිඩන්ට් වුණා වගේ ම හෙසෝක්ගෙ අතින් ආයෙමත් පොරොන්දුවක් බිඳුණා...ඒ බිඳුණ පොරොන්දුව අනිත් හැමදේටම වඩා හෙසෝක්ව රිද්දුවා...ජිමින් කෑම කවද්දි සද්ද නැතිව කට ඇරියත් හෙසෝක්ට කන්න පිරියක් තිබුණෙ නැහැ.... හෙසෝක් කන්නෙ ඕනවට එපාවට එයා කවන නිසා කියලා තේරුණාම ජිමින් රාමෙන් එක පැත්තකින් තිබ්බා....

"ඔයාට මොනවත්ම එපා කිව්ව නිසා මේක හදාගෙන ආවෙ හ්‍යුන්....දැන් ඒකත් එපා ද?"
ජිමින් කේන්තියෙන් වගේ අහද්දි කල්පනා ලෝකෙක හිටිය හෙසෝක් ගැස්සිලා ගියා....

"ම්-මෝ?"

"ඔයාට කිරි එකක් ගෙනත් දෙන්නද හ්‍යුන්? සුප් එක කටේ තිබ්බෙ නෑ.... රාමෙන් එක කටවල් දෙකයි...ඔහොම නොකා ඉදලා බෙහෙත් බොන්නෙ කොහොමද?"
ජිමින් එක දිගට කියවගෙන යද්දි හෙසෝක් ජිමින්ගෙ කම්මුලට ඇඟිල්ලෙන් ඇනලා හිනා වුණා...

The Hell HighwayWhere stories live. Discover now