CHAPTER 13

390 71 55
                                    

සෝල්වල කාර්යබහුල නගර සීමාවෙන් ටිකක් ඈතට වෙන්න තිබුණ බැලු බැලූ පැත්ත කළුපාටින් ම හැඩගන්වලා තිබුණ විශාල මාලිඟාවෙ මැද මිදුලෙ කළු පාට ඩිෆෙන්ඩර් රථ කීපයක් එක්ක තවත් මිල අධික සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් නතර කරලා තිබුණා....

සෝල්වල කාර්යබහුල නගර සීමාවෙන් ටිකක් ඈතට වෙන්න තිබුණ බැලු බැලූ පැත්ත කළුපාටින් ම හැඩගන්වලා තිබුණ විශාල මාලිඟාවෙ මැද මිදුලෙ කළු පාට ඩිෆෙන්ඩර් රථ කීපයක් එක්ක තවත් මිල අධික සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් නතර කරලා තිබුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මාළිඟාවෙ හැමතැන ම කළු සුදු සේවක නිල ඇදුම් ඇත්ත තරුණ තරුණියන් තම තමන්ගෙ වැඩ වල යෙදිලා හිටියෙ කිසිම කලබලයක් නැතිව.....

ඉහළ මාළයේ ඉඳලා කලිසම් සාක්කු දෙකට අත් දෙක ඔබාගෙන අමුතු ගාම්භීර ගමනකින් පඩිපෙළ බැහැගෙන ආව තරුණයා මාළිඟාවෙ ප්‍රධාන දොරටුවෙන් එළියට ගිහින් දෙපැත්තෙම බිම ඉඳලා සිවිලිමට උස එක එක කැටයම් චිත්‍ර රාමු කරලා තිබුණ පාළු කොරිඩෝව දිගේ හරිම සන්සුන් ව ඇවිදගෙන ගියා....තවම වෙලාව හවස තුනවත් වෙලා නැතත් ඒ කොරිඩෝවේ අඳුර මකන්න දීප්තිමත් කහ පාට සෝඩියම් ලාම්පු පත්තු කරලා තිබුණා....

තරුණයා කොරිඩෝව කෙළවරට ළඟා වෙද්දි එතැන හිටිය ආරක්ෂකයින් දෙදෙනෙක් ඒ තරුණයට ආචාර කරලා බිත්තියෙ චිත්‍රෙක හිටිය ගෑණු ළමයෙක්ගෙ අතේ බැඳපු මුතු පොටකට යොදලා තිබුණ සුදුපාට මුතූ ඇට කීපයක් රටාවකට කරකවලා පැත්තකට වුණා ම ටිකකින් චිත්‍රය තිබුණ බිත්තියට මුහුණලා තිබුණ බිත්තියෙ රහස් දොරක් විවෘත වුණා...

කොරිඩෝව දිගේ ඇවිදගෙන ආව තරුණයා දොරෙන් ඇතුළට ගිහින් ටිකකින් දොර වැහිලා ගියත් ඒ තරුණයා ඒවා හිතන්නෙ නැතිවම ඉදිරියට ඇවිදගෙන ගියා....

උමග කෙළවරේ තිබුණ දොරවල් හයෙන් දෙවනි දොර ළඟ හිටි ආරක්ෂකයින් දෙන්නා තමන්ගෙ ප්‍රධානියට සොර ඇරලා දීලා පැත්තකට වුණා ම තරුණයා ඇතුළට ගියා...

The Hell HighwayWhere stories live. Discover now