CHAPTER 16

339 71 34
                                    

ටේහ්‍යුන් බලාගෙන ඉද්දි රතුපාට ලේසර් ඩොට් එක ජන්කුක්ගෙ සුදුපාට ශර්ට් එකේ මැද හරියක නතර වුණා ම ටේහ්‍යුන් දෙපාරක් නොහිතා ම ජන්කුක්ව තමන්ගෙ පපුවට තුරුල් කරගත්තෙ නොහිතුව වෙලාවක සිද්ධ වුණ දේ නිසා ජන්කුක්ගෙ අතේ තිබුණ බෝල බෝල බයිට් බෑග් එකක් ජන්කුක්ගෙ අතින් ගිලිහිලා පාර පුරා විසිරිලා ගියා....

"ට්-ටේහ්‍යුන්ගි?"

"අහ්!"
ජන්කුක් ටේහ්‍යුනගෙ පපුවෙන් ඔලුව උස්සන්න හදද්දි එයාගෙ ලොකු අත් දෙකෙන් ජන්කුක්ව තව ටිකක් තද කරලා තමන්ගෙ ඇඟෙන් ආවරණය කර ගත්ත ටේහ්‍යුන් හෙමින් ඉස්සරහට යන්න ගත්තෙ ජන්කුක් කකුල් පටල පටල පිටිපස්සට අඩි තියද්දි....ටික දුරක් එහෙම ගිහින් ජන්කුක්ගෙ අතින් ඇදගෙන ම ටේහ්‍යුන් සෙනඟ අතරින් දුවන්න ගත්තා ම ජන්කුක් සිද්ධ වුණ දෙයක් හිතා ගන්න බැරිව ටේහ්‍යුන්ගෙ පස්සෙ ඇදිලා ගියා....ඒ දුවන ගමන් ටේහ්‍යුන් තමන්ගෙ අත් ඔරලෝසුව කටට ළං කරලා කතා කරද්දි ජන්කුක් උත්සාහ කළේ වැටෙන්නෙ නැතිව ඉන්න.....

"යුංගි හ්‍යුන්....හන් ගඟ අයිනෙ....ස්ට්‍රීට් ෆුඩ් ශොප්ස් තියෙන තර්ඩ් ලේන් එකට වාහනයක් එවන්න....පුළුවන් තරම් ඉක්මනට....උන් අපිව වට කරලා...මට ගොඩක් වෙලා නැහැ..."
ටේහ්‍යුන් එහෙම කියලා ජන්කුක්ව ළඟට අරගෙන සෙනඟ අතරෙන් රිංගලා ගිහින් ගොඩනැඟිලි දෙකක් අතරෙ තිබුණ හිදැසක් අස්සට රිංගගත්තා....

ටේහ්‍යුන් ජන්කුක් දෙන්නා හිටියෙ මූණට මූණ බලාගෙන....එතන ලොකු ඉඩක් නැති නිසා එයාලා හිටියෙ ගොඩක් ළඟින්.....ටේහ්‍යුන්ට දැනුණා ජන්කුක්ගෙ හුස්ම තමන්ගෙ පපුවෙ වදින විදිහ.....එයා වේගෙන් හුස්ම ගන්නවා....

"ඔයා බය වුණාද කූ බබා? ච්-චෙසොහොම්මිනිදා....ඔ-ඔයාට මහන්සි ද?"
ටේහ්‍යුන් ජන්කුක්ගෙ ඔලුව අතගාන ගමන් අහද්දි ජන්කුක් නෑ කියන්න ඔලුව වැනුවා....ටේහ්‍යුන් තමන්ට ගොඩක් ළඟින් හිටගෙන ඉන්න නිසා රතුවෙලා තියෙන තමන්ගෙ කම්මුල් හංග ගන්න බිම බලාගෙන හිටිය ජන්කුක් තවම දැක්කෙ නෑ යට තොල දත්වලින් හපාගෙන නළල රැළි කරන් වේදනාව දරාගෙන ඉන්න ටේහ්‍යුන්ව....

"ඔයා හොඳින් ද ටේහ්‍යුන්ගි?"
ටේහ්‍යුන් එකපාරට ම ජන්කුක්ගෙ උරහිසක ඔලුව තියාගෙන බරට හුස්ම ගන්නවා කියලා දැනෙද්දි ජන්කුක් ටේහ්‍යුන්ගෙ උරහිස වටේ අත දාලා ඇහුවත් ජන්කුක්ගෙ අත වෙඩි වැදුණු තැන තුවාලෙ වදිද්දි ටේහ්‍යුන්ට කෙඳිරි ගෑවුණා....

The Hell HighwayWhere stories live. Discover now