CHAPTER 32

340 59 99
                                    


ටේහ්‍යුන් නැඟිටලා ගියත් මඟක් දුර යද්දිම ගාඩ් කෙනෙක් ඇවිත් කතා කළ නිසා ආයෙත් එයා හිටිය ටේබල් එක පැත්තට කලබලෙන් දුවගෙන ආවෙ ජන්කුක්ට ප්‍රශ්නයක් ද බලන්න....

ටේහ්‍යුන් එද්දිත් ජන්කුක් මේසෙට ඔලුව ගහගෙන ඉන්නවා.... ජන්කුක්ගෙ අත ළඟ ම තියෙන හිස් වීදුරු නහයට ළං කරලා බැලුවා ම ටේහ්‍යුන්ට තේරුණා ජන්කුක් වතුර වෙනුවට බීලා තියෙන්නෙ එයා තියලා ගිය විස්කි ග්ලාස් එක කියලා....ඒක සැරයි....ටේහ්‍යුනුත් ලාවට මත් වෙලා හිටිය ග්ලාස් එකම ජන්කුක් බිව්වා කියන්නෙ අනිවාර්යයෙන්ම ජන්කුක්ට ඔලුව උස්සගන්න බැරි වෙනවා.... පුටුවක් ළඟට ඇදලා අරන් වාඩිවෙලා බෙල්ල ළඟින් ජන්කුක්ගෙ කොණ්ඩෙ අවුස්සන ගමන් ටේහ්‍යුන් කතා කළේ ජන්කුක් ළඟට ම පහත් වෙලා....

"කූ බබා...කෝ මෙහෙ බලන්න....ඔයාට මාව ඇහෙනවද?"
ජන්කුක් ඉනිනෙ අමාරුවෙන් නිසා හොටෙල් එකේම රූම් එකක් බුක් කරන්න ගාඩ් කෙනෙක්ව යවලා ටේහ්‍යුන් ජන්කුක්ව උරහිස් දෙකෙන් අල්ලලා කෙළින් කළා.... අමාරුවෙන් බාගෙට ඇස් ඇර ගත්ත ජන්කුක් ටික වෙලාවක් ටේහ්‍යුන් දිහා බලන් ඉදලා ඇස්වල කඳුළු පුරවගත්තා ම ටේහ්‍යුන් කලබල වුණා....

"මල...කූ බබා...ඇයි මේ?"
ටේහ්‍යුන් බලන් ඉද්දි ජන්කුක්ගෙ රෝස තොල් බෙරි වෙලා යද්දි ටේහ්‍යුන් ජන්කුක්ව තුරුල් කර ගත්තත් ජන්කුක් ටේහ්‍යුන්ව තල්ලු කලා...

"ඔම්මාආආආආආ!! මේ මිනිහා මට ආදරේ නෑ....බොරු කියබ්ම්න්හ්-"

ජන්කුක් එක පාර ම මහ හයියෙන් කෑගහලා අඬන්න ගත්තා ම කරන්න දෙයක් නැතිව වටේ බලන් ඉන්න අයට මෝඩ හිනාවක් දැම්ම ටේහ්‍යුන් ජන්කුක්ගෙ කට අතින් තද කළා...

"සර්...මේ පැත්තෙන් එන්න..."
ගාඩ් කෙනෙක් කතා කරද්දි අසිහියෙන් දඟලන ජන්කුක්ව පොඩි එකෙක් වගේ වඩා ගත්තාම ජන්කුක් ටේහ්‍යුන්ගෙ ඉණ වටේ කකුල් දෙක පටලගෙන ටේහ්‍යුන්ගෙ බෙල්ලෙ නහය ගාවන්න ගත්තා ම ටේහ්‍යුන්ට තරු පෙණුනා....

"ග්-ආහ්..."

කාමරේ දොර වහලා යන්න හැරුණත් ජන්කුක් ටේහ්‍යුන්ගෙ බෙල්ලෙ සංවේදී තැනක් දත් වලින් ඇල්ලුවා ම ටේහ්‍යුන්ට කෙඳිරි ගෑවුණා....ටේහ්‍යුන් මුලදි ම ටිකක් මත්වෙලා හිටියෙ....ඒත් දැන් ජන්ක්කෙ වැඩ නිසා ටේහ්‍යුන්ගෙ ඇස් පවා බාගෙට පියවිලා තිබුණා.... ජන්කුක් ළඟින් එන ජස්මින් සුවඳ ටේහ්‍යුන්ව පිස්සු වැට්ටුවා.... ජන්කුක් වෙරිමතේ මූණ පිහදලා තොල්වල ගාපු රතුපාට ලිප්බාම් තොල්වලින් පිට පැනලා....දාඩිය දාලා නිසා ජන්කුක් රතුවෙලා වගේ ම මත් ගතිය නිසා ජන්කුක් ඇස් යටින් ටේහ්‍යුන් දිහා බලන විදිහ ටේහ්‍යුන්ව මත් කළා.... හැමදාම ටේහ්‍යුන් එයාගෙ මල ළඟ ගොඩක් ඉවසුවා...පරිස්සම් කළා....ඒත් මේ ටේහ්‍යුන් ආදරේ කරන කෙනා...

The Hell HighwayWhere stories live. Discover now