CHAPTER 24

314 61 61
                                    


"ජිමින් !! ජිමින්...දරුවෝ ඕක නතර කරන්න...මෙහෙ බලන්න..."
ටේහ්‍යුන්ගෙ අතක් තමන්ගෙ අතකින් අල්ලගෙන තමන්ගෙම කම්මුලට ටේහ්‍යුන්ගෙ අතින් ගහගන්න ජිමින් ටේහ්‍යුන්ට අත අයින් කර ගන්න නොදී මුරණ්ඩු වෙද්දි ගල් ගැහිලා වාගෙ බලාගෙන හිටිය හෙසෝක් දුවගෙන ඇවිත් ජිමින්ව තමන්ට තුරුල් කරගත්තත් ජිමින් දඟලලා හෙසෝක්ගෙන් මිදිලා ටේහ්‍යුන්ගෙ කළුපාට කමිසෙ කොලර් එක අතට තද කර ගනිද්දි ටේහ්‍යුන් පරඬැලක් වගේ ඉස්සරහට පස්සට විසි වුණා...

"වේ!? වේඒ!!? ඇයි එදා මාව මරලා දැම්මෙ නැත්තෙ කිම් ටේහ්‍යුන්!!?

උත්තර දෙනවා! ඇයි මරලා දැම්මෙ නැත්තෙ!?....

දන්නවද පහුගිය අවුරුදු පහම මම ජීවත් වුණ එකම හේතුව!? තමුන් ඒකවත් දැනගෙන හිටියද!? ආආ!?"

අවුරුදු ගානක් තිස්සෙ කඳුළු වේලිලා තිබුණ ජිමින්ගෙ ඇස්වල අද තමන් වෙනුවෙන් කඳුළු පිරිලා....මේ තරම් දවසක් තමන් වෙනුවෙන් වචනයක් කතා නොකරපු ජිමින් අද කතා කරන්න පටන් අරන්....

ටේහ්‍යුන් බලාගෙන හිටියා ජිමින්ට ඇත්ත කියන්න පුළුවන් වෙන දවසක් එනකල්...ටේහ්‍යුන් බලාපොරොත්තු වුණා ජිමින්ගෙන් අඩුම එක පුංචි  හිනාවක් ටේහ්‍යුන් යාළුකම වැරදියට විනාස නොකළ එකට.....නැත්නම් කම්මුල් පාරක් ජිමින්ට ඇත්ත නොකියා විඳවන්න දුන්නට.....

ඒත් දැන් සිද්ධ වෙන්නෙ ටේහ්‍යුන් හීනෙකින්වත් හිතපු දෙයක් නෙවෙයි.... ටේහ්‍යුන්ට රිදුණා....ගොඩක් රිදුණා....ඒ වචන උල් පිහිතුඩු වගේ ටේහ්‍යුන්ගෙ හිත පෑරුවා....ජිමින්ගෙ ඇස්වලින් වැටෙන කඳුළක් ගානෙ ටේහ්‍යුන්ට දැනුණෙ එයා පිච්චෙනවා වගේ...

(Human-Christina Perri....ලස්සන සින්දුවක්... පුළුවන් නම් පහළ ටික මේක අහන ගමන් කියවන්න....)


"හහ්.... පහුගිය අවුරුදු පහම මම බෝනික්කෙක් වාගෙ උන් දෙන්නට යට වුණේ අඩුම මං ආදරේ කරපු කෙනා ඒ විදියට හරි මං ළඟින් ඉන්නවා කියලා හිත හදාගෙන කිම් ටේහ්‍යුන්!! ඒ නිසයි මම මාව ඒ තරම් රැවැට්ටුව මේ මිනිහගෙන්වත් පැනලා යන්න උත්සාහ නොකළෙ....

The Hell HighwayWhere stories live. Discover now