CHAPTER 22

304 61 28
                                    


ජන්කුක් ටේහ්‍යුන්ට කැමතියි කියලා මාසයක්....ජන්කුක් ටේහ්‍යුන් දෙන්නා ඒ ගතවුණ මාසෙට වෙනදටත් වඩා ළං වුණා වගේ ම දැන් හෙසෝක් තරමට ම යුංගිත් ජන්කුක් එක්ක එකතුයි....ඒ හැමෝටම වඩා හන්ටර් ජන්කුක්ට කැමතියි....ජන්කුක් මැන්ශන් එකට ආවා කියන්නෙ එදාට හන්ටර් ඉතින් හති වැටෙනකල් නටනවා....

අද ජන්කුක්ගෙ ඔම්මගෙ ඩෙතං ඇනිවර්සරි එක කිව්ව නිසා ටේහ්‍යුන් ඒකට ඕන දේවල් සේරම ලෑස්ති කළා.... එයා එයාගෙ ඔම්මගෙ ඩෙත් ඇනිවර්සරි එකට කරන හැමදෙයක් ම ජන්කුක්ගෙ ඔම්මා වෙනුවෙනුත් ටේහ්‍යුන් ලෑස්ති කළා....තනියම ඩ්‍රයිව් කරගෙන ආව කා එක ෆ්ලවර් ශොප් එකක් ළඟින් නතර කරලා සුදු පාට රෝස මල් පොකුරක් ගත්ත ටේහ්‍යුන් ඒක පැසෙන්ජර් සීට් එකෙන් තියලා ආයෙමත් වාහනේ පාරට දැම්මෙ ජන්කුක් බලන් ඉන්නවා ඇති කියලා හිතුණ නිසා....

ටේහ්‍යුන් ජන්කුක්ගෙ ගෙදර ළඟට එද්දි ජන්කුක් එළියෙ පේන්න හිටියෙ නැති නිසා ටේහ්‍යුන් ලොක් කරලා නොතිබුණ දොර ඇරගෙන ඇතුලට ගියා...

"කූ බබා?"

ලිවින්ග් රූම් එකෙත් නැති නිසා කතා කරගෙන ම ජන්කුක්ගෙ බෙඩ් රූම් එකට ගිය ටේහ්‍යුන් දැක්කෙ මැදපු කළුපාට අත් දිග කමිසෙ අත් දෙකට හිර කරගෙන මිරර් ටේබල් එක ඉස්සරහ වාඩිවෙලා ඉන්න ජන්කුක්ව... ටේහ්‍යුන්ට කණ්ණාඩියෙන් තමන්ව පෙනුණත් කණ්ණාඩිය ඉස්සරහ හිටිය ජන්කුක් එයාව දැක්කෙ නැහැ කියලා ටේහ්‍යුන්ට තේරුණා....

හෙමින් ළඟට ගිහින් බැලුවා ම ටේහ්‍යුන් දැක්කා ජන්කුක් අඬන බව....මේ තරම් තද ගති තියෙන මනුස්සයෙක් වෙලත් ටේහ්‍යුන් තවමත් එයාගෙ ඔම්මගෙ ඩෙත් ඇනිවර්සරි එක දවසට හුස්ම ගන්න බැරිවෙනකල් අඬලා කොහෙහරි බාර් එකකට ගිහින් සිහි නැති වෙනකල් බොනවා....ඒකත් මීට අවුරුදු දහතුනකට කලින් එයාගෙ ඔම්මා එයාව දාලා ගිය දුකට...

ජන්කුක් කියන්නෙ ඔම්මගෙ අස්සෙ හුරතලේට හැදුණ අහිංසක ළමයෙක්....එයාගෙ ඔම්මා නැති වෙලා අදට අවුරුදු පහයි....ඒ අවුරුදු පහ ඇතුළත ජන්කුක් අවංකව ම ගොඩක් දුර තනියම ඇවිත්....ඉතින් ටේහ්‍යුන්ට තේරෙනවා ලෝකෙම කරන් හිටිය ඔම්මා තමන් තනියම හිටගන්න දවසට ළඟ නැති වුණා ම දැනෙන දුක....

The Hell HighwayWhere stories live. Discover now