CHAPTER 10

396 70 32
                                    


ජිමින් අමාරුවෙන් ඇස් ඇරියත් ඔලුවෙන් දරුගන්න බැරි වේදනාවක් දැනෙද්දි ආයෙමත් ඒ ලා දුඹුරු පාට ඇස්දෙක පියවුණේ ජිමින්ගෙ නළලත් රැළි වෙද්දි....ජිමින් හෙළවෙන්න හැදුවත් ජිමින්ට දැනුණා තමන්ගෙ අත් දෙක වගේ ම කකුල් දෙකත් තමන් වාඩිවෙලා ඉන්න පුටුවට තියලා ගැටගහලා බව....ඒවා ගොඩක් තදින් නොවුණත් ජිමින්ට ගලවගන්න බැරි වෙන්න ගැට ගහලා තිබුණා....ඇස් අරින අරින වතාවට කියාගන්න බැරි තරම් ඔලුව රිදෙන නිසා ජිමින් පුටු ඇන්දට ඔලුව හේත්තු කරගෙන ඇස් පියාගෙන ම හිටියා.....

ජිමින්ට තේරුණා කවුරුහරි තමන්ව පැහැරගෙන කියලා...සමහරවිට යුංගිගෙ තරහකාරයෙක් නැත්නම් ටේහ්‍යුන්ගෙ තරහකාරයෙක් වෙන්න ඇති......ජිමින්ට ඇත්තට ම ඒක වැදගත් දෙයක් නෙවෙයි...ජිමින් කියන්නෙ මැරෙන්න බය කෙනෙක් නෙවෙයි....උඩට ගන්න හැම හුස්මක් ගානෙම මරණය ප්‍රාර්ථනා කරපු කෙනෙක්....ජිමින් මතක කාලෙක අන්තිමට ආසාවෙන් හුස්ම ගත්තෙ ටේහ්‍යුන් එක්ක අනාථ නිවාසෙන් ආවාට පස්සෙ....ඒ කාලෙ ජිමින්ට හීන තිබුණා.... බලාපොරොත්තු තිබුණා...ඒ හීන ඒ බලාපොරොත්තු ම ගින්ධරක් වෙලා ජිමින්ව ටිකින් ටික පිචචෙන්න ගනිද්දි ජිමින් කියන්නෙ හුස්ම වැටෙන මළකඳක් වුණා....ඉතින් මෙතන මොනවා වුණත් ඒක ජිමින්ට එච්චර වැදගත් දෙයක් නෙවෙයි....

උපරිම වුණොත් මැරිලා යයි කියලා හුස්මක් පාත දාලා ජිමින් ඇස් පියාගෙන හිටියෙ එයාට සිහි නැති කරන්න දුන්න ඩ්‍රග් එක ගොඩක් වැඩි වෙලා නිසා ඔලුව රිදෙන්න අරගෙන තිබුණ නිසා.....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"මොකද්ද මේකෙ තේරුම හ්‍යුන්?"
ටේහ්‍යුන් තමන්ගෙ අතේ තියෙන ෆෝන් එකේ දහවෙනි වතාවට විතර ප්ලේ වෙන තත්පර විස්සක විතර වීඩියෝ එක දිහා බලද්දි යුංගි හිටියෙ කේන්තියට ම අත්වල නහර පෑදිලා..... ජිමින් ව පුටුවක ගැට ගහලා සිහි නැති කරලා තියෙනවා දැක්කා ම යුංගිට කියාගන්න බැරි තරම් කේන්ති ගියා... එයා ජිමින්ට මොන තරම් වද දුන්නත් පිට එකෙක් ජිමින්ට රිද්දනවා බලන්න යුංගි අකමැතියි කියලා යුංගිට තේරුණේ ඒ වෙලාවෙ....

වීඩියෝ එකේ කතා කරන එකා මීට මාස තුන හතරකට කලින් නැඟිටගන්න බැරිවෙන්න යුංගිගෙන් ගුටි කෑව වීදී මැරයෙක් කියලා යුංගි කටහඬින් අඳුර ගත්තා....ඌ කියලා තිබුණෙ ඔයාලගෙ බෝනික්කා ව අපි සෙල්ලම් කරන්න අරන් ආවා....ඒකට අකමැතියි නම් හොයාගෙන එන්න කියලා විතරයි...යුංගිට පුළුවන් ඉක්මනට ජිමින් ළඟට යන්න ඕනෙ වුණත් ජිමින් ඉන්න තැනක් දන්නෙ නෑ කියලා මතක් වෙද්දි යුංගි පුදුම තරම් කේන්ති ගියා....

The Hell HighwayWhere stories live. Discover now