CHAPTER 35

337 58 175
                                    


රෝසපාට හාවො ඉන්න සුදුපාට පිජාමා කිට් එකත් ඇඳගෙන බිත්තයට පිට දීලා ඇඳ උඩ එරමිණිය ගොතාගෙන වාඩිවෙලා හිටිය ජන්කුක්ගෙ ඇස් නිදිමතට ම බරවෙලා තිබුණා...වෙලාව රෑ එකත් පහුවෙලා වුණත් ටේහ්‍යුන් තවම ආවෙ නැති නිසා ජන්කුක් නිදා ගන්නෙ නැතිව ඉන්න උත්සාහ කළා....කෝපි එකක් හදාගන්න යන්න ඕනෙ වුණත් ජන්කුක්ට බය හිතුණා කිචන් එකට යන්න....හවස ටේහ්‍යුන් කිව්ව දේවල් නිසා ජන්කුක්ට බය හිතුණා....ඇඳ උඩට වෙලා හිටිය ජන්කුක්ට වටෙන් ඇහෙන රැහැයි සද්ද අද වෙනදට වඩා හයියෙන් ඇහුණා...ගෙදර හරි අමුතු විදියට නිහඬයි කියලා හිතුණ ම ජන්කුක්ගෙ හදවත ගැහෙන වේගෙ තවත් වැඩිවුණේ ජන්කුක්ට හැමදාම මේසෙ උඩ තිබුණ එලාම් ඔරලෝසුවෙ තත්පර කටුවෙ සද්දෙත් අද වෙනදට වඩා ලොකුවට ඇහෙද්දි...

නිදා වැටි වැටි හිටිය ජන්කුක් දොරට තට්ටු කරන සද්දෙත් එක්ක ගැස්සිලා ගියත් ෆෝන් එකට කෝල් එකක් ආවෙ නැති නිසා ජන්කුක් උඩට ගත්ත හුස්ම පහළට නොදා ඇඳ උඩට ම වෙලා හිටියෙ ටේහ්‍යුන්ගි දෙයක් කිව්වොත් ඒ විදියට කරන නිසා....

ජන්කුක් මෙච්චර බය වෙන්න ඕනෙ නැහැ....එයා ට්‍රේන් වුණ සීක්‍රට් ඒජන්ට් කෙනෙක්....එයා ළඟ ගන් එකත් තියෙනවා.....ඒත් ටේහ්‍යුන්ගෙ ආදරේ... ගෙවුණ මාස කීපෙට ඒ අත් අතරෙ දැනුණ ආරක්ෂාව ජන්කුක්ව දුර්වල කරලා...

එහෙමත් නැත්තන් ඕනම දෙයක් දරාගන්න පුළුවන් හරි හයිය චරිතයක් මවාගෙන හැංගිලා හිටිය අහිංසක ජන්කුක්ව ආයෙමත් නිදහස් කරලා...ඔම්මගෙ අප්පගෙ ආරක්ෂාව නෑ මට මං විතරයි කියලා බයට තමන් ශක්තිමත් කියලා පෙන්නුව බොරු ජන්කුක් වෙනුවට එයා ගැන බලන්න කෙනෙක් ඉන්නවා කියලා දැනගෙන නිදහසේ හිටිය දඟකාර ජන්කුක් ව ටේහ්‍යුන් ආයෙත් ඇහැරවලා....

ඒ නිසා ම අද ජන්කුක්ට ටේහ්‍යුන් එයා ළඟ නෑ කියලා තේරෙද්දි ඒ බෝල කළු ඇස්වල කඳුළු පිරිලා තිබුණා.... හරියට එදා අප්පා ආයෙ එන්නෙ නෑ කියලා තේරුණ දවසෙ වගේ....බනීගෙ ඔම්මා බනීව දාලා ගිය දවසෙ වගේ...

ජන්කුක් නොදැනම ටේහ්‍යුන් එයාට එයාගෙ ඔම්මා, අප්පා ,එයාගෙ පවුල....ජන්කුක්ගෙ හැමදේම වෙලා...

කල්පනාවෙ ගිලිලා හිටිය ජන්කුක් එක පාර උඩ විසිවුණේ කාමරේ පුංචි ජනේලෙට තට්ටු කරනවා ඇහුණා ම....ජන්කුක්ගෙ ඇස්වල කඳුළු ඉතිරිලා යද්දි ජන්කුක් එයා කතා කරනවා ඇහුණා...

The Hell HighwayWhere stories live. Discover now