CHAPTER 04

490 71 64
                                    


Three months later

"ටේහ්‍යුනා !!"

යුංගි ටිකක් හයියෙන් කතා කරගෙන ඇතුළට එද්දි ස්විමින්ග් පූල් එකේ එහා කෙළවරේ හිටිය ටේහ්‍යුන් එයා දාගෙන හිටිය ගොගල්ස් දෙක උඩට කරන ගමන් ඔලුව උස්සලා ඒ පැත්ත බැලුවා...

පූල් එකේ යුංගි ඉන්න පැත්තට විරුද්ධ පැත්තෙ ගැට්ටෙන් වාඩිවෙලා ඇතුළට කකුල් දෙක දාගෙන කකුල් ගස ගසා වටේම වතුර විසි කරන ගමන් හිටිය ජිමින්ට නම් ඒක ඇහුණ බවක් පේන්න තිබුණෙ නෑ....

ජිමින් එතන ඉන්නෙ ඒක එයාට බ්ලැක් ෆොක්ස් දාපු නීතියක්.... අනිත් මැන්ශන් එකේ දි නම් ටේහ්‍යුන් පූල් එකේ ඉන්න හැම වෙලාවක ම ජිමින් එතන ඉන්න ඕනෙ....ඒ හැම දවසක් ම ඉවර වුණේ ටේහ්‍යුන් එයාට ඇති වෙනකල් ජිමින් එක්ක සෙල්ලම් කරලා....

සෝල් වලම වුණත් මේ මැන්ශන් එකට ආවට පස්සෙ ටේහ්‍යුන් ජිමින්ට ඒ තරම් නරකට සැලකුවෙ නෑ....එක දවසකට දෙකකට වඩා ටේහ්‍යුන් ජිමින්ට කරදර කළෙ නෑ....ජිමින් ආස නෑ ඒ මත් වෙලා ඉන්න ටේහ්‍යුන්ට.... මාෆියා වැඩවලින් කේන්තියෙන් ඉන්න කොළ පාට ඇස් තියෙන ටේහ්‍යුන්ට ජිමින් බය වුණා...එයාව පළවෙනියට ම ටේහ්‍යුන් සෙල්ලමට ගත්ත දවසෙ ඉඳල ම.... එයා ජිමින්ව රිද්දුවා....

ජිමින් ආස කළේ සැහැල්ලුවෙන් ඉන්න දීප්තිමත් දුඹුරු පාට ඇස් තිබුණ ටේහ්‍යුන්ට.... ඉස්සර ටේහ්‍යුන් තරම් ළඟ නැතත්.....ඒ තරම් ආදරණීය නැතත් එයා ජිමින්ට නිදහසේ ඉන්න දුන්නා....

එහෙමයි කියලා මොන විදියට තමන් ළඟට කවුරු ආවත් ජිමින් ඒ එන යන අයව ගනන් ගන්නෙ නැති තැනට ම බිඳිලා ගිහින් තිබුණා....නෑ... එයා වටේ ඉන්න අය එයාව ඒ තැනට බිඳලා දාලා තිබුණා....

යුංගි ඉන්න පැත්තට පීනගෙන ආව ටේහ්‍යුන් හිතලා ම හෙසෝක්ව තෙමෙන්න කොණ්ඩෙ ගසන ගමන් එයා මොනවත් නොකළ විදියට යුංගි එක්ක කතා කළා....

හෙසෝක් වුණත් මෙහෙ ආවට පස්සෙ ටේහ්‍යුන් එක්ක ඉස්සරට වඩා එකතුයි කියලා ජිමින් දැක්කත් ජිමින් ඒ දේවල් ගැන හිතුවෙ නැහැ....ජිමින්ට එයාගෙ පාඩුවෙ ඉන්න තියෙනවා නම් ජිමින් කියන්නෙ කෑම එක ගැනවත් හිතන කෙනෙක් නෙවෙයි....

The Hell HighwayWhere stories live. Discover now