CHAPTER 21

328 68 20
                                    


උදේ ජන්කුක්ට ඇහැරෙද්දි ටේහ්‍යුන් බෙඩ් එකේ හිටියෙ නෑ...ජන්කුක් ඇඳෙන් බහින්නත් හදලා ආයෙමත් ඩුවට් එක ඔලුවෙ ඉඳලා පෙරවගෙන ඇඳට වැටුණෙ තව ටිකක් නිදා ගන්න ඕන කියලා හිතුණ නිසා....

ඊයෙ සිද්ධ වුණ දේවල් මතක් වෙලා ජන්කුක්ට හිනා ගියත් කොළ පාට ඇස් මතක් වෙලා ජන්කුක්ගෙ හිනාව මැකිලා ගියා....එයාට මිශන් එකක් තියෙනවා....එයාට ෆේල් වෙන්න බැහැ....

ඇඳෙන් බැහැලා බෙඩ් ශීට්ස් හැදුව ජන්කුක් එයා ඇඳගෙන හිටිය ටේහ්‍යුන්ගෙ එයා වගේ දෙකක් විතර වෙන අළු පාට ටී ශර්ට් එක හදාගෙන මිරර් ටේබල් එක ළඟට ගියා....

කොණ්ඩෙ අතින් දෙපැත්තට කරලා හදාගත්ත ජන්කුක් වටයක් කැරකිලා එයා දිහා බලලා හිනා වුණා...

ජන්කුක් ඊයෙ ටේහ්‍යුන් එයාට දුන්න ශෝට් එකකුත් ඇඳගෙන ශෝට් එක ඇඳලා කියලා පේන්න දණහිස ළඟට දිග ශර්ට් එක පැත්තකින් යට කරලා දොර වහගෙන පඩිපෙල බැහැගෙන පහළට ගියේ බයෙන් බයෙන් වගේ.... ඒත් බාගයක් දුරට පඩිපෙළ බහිද්දි ටේහ්‍යුන් කෑම ට්‍රේ එකක් අරන් උඩට එනවා දැකලා ජන්කුක් නතරවෙලා ටේහ්‍යුන් එක්ක හිනා වුණා...

"ඔයා නැඟිට්ටද කූ බබා? පහළින් ඉන්නකෝ...මම මේක දීලා එනවා හොඳද?"
ටේහ්‍යුන් ජන්කුක් ළඟ නතරවෙලා ජන්කුක්ගෙ කොණ්ඩෙ අතින් අවුස්සලා කිව්වාම ජන්කුක් තොල් බෙරි කරගෙන අතකින් කොණ්ඩෙ හදන ගමන් කතා කළා....

"කෑම....ජිමින් හ්‍යුන්ට ද?"
ජන්කුක් ඇහුව එකට ඔලුව වනලා ටේහ්‍යුන් පඩිපෙළ නැඟලා ගියාට පස්සේ ජන්කුක් හෙමිහිට ලිවින්ග් රූම් එකට ආවා.... හන්ටර් ඔලුව උස්සලා බලද්දී ජන්කුක් එක තැන ගල් වුණත් හන්ටර් දිව එළියට දාලා ජන්කුක් එක්ක හිනා වෙලා ආයෙම අත් දෙක උඩින් තොම්බ තියාගත්තා.... ජන්කුක් ලොකු හුස්මක් පාත දාලා එයා කිචන් එකට යද්දි විස්ට්ල් එක වදින ගමන් තිබුණ හීටර් ජග් එක ඕෆ් කළා....

ටිකකින් ඔලුව පහත් කරගෙන පඩිපෙළ බැහැගෙන ආව ටේහ්‍යුන් ජන්කුක්ව දැකලා අමාරුවෙන් හිනාවක් මූණට ගත්ත බව ජන්කුක්ට හොඳට තේරුණා.... ජන්කුක් හිටිය විදියට ම ඩයිනින් ටේබල් එකේ වාඩි වෙලා ඉඳලා ටේහ්‍යුන් මග් දෙකක් අරගෙන මොනවාහරි හදන්න හිතන් ආයමත් කෙට්ල් එක ඔන් කළාම ජන්කුක් ගිහින් ටේහ්‍යුන්ගෙ බඳ වටේ අත් යවලා ටේහ්‍යුන්ගෙ පිටට කම්මුලක් තද කර ගත්තා....

The Hell HighwayWhere stories live. Discover now