CHAPTER 08

410 75 63
                                    

"ආආආහ්....මොකාද මේ සුප් එක හදපු කෑම එකකට ලුණු දාගන්න බැරි #&ති ආආ!?"
යුංගි අතේ තිබුණ හැන්ද දමලා ගහලා කෑ ගහද්දි සේවිකාවො හැමෝම වාගෙ බිම බලන් හිටියෙ අත්දෙක බැඳගෙන යුංගිට වඩා අවුරුදු පහ හයක් බාලයි කියල පෙනුණ කොල්ලෙක් බයට වෙව්ලන ගමන් ඉස්සරහට එද්දි.....ඒ කොල්ලා දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය යුංගි දුම් දාන සුප් එක එහෙම්ම ම කොල්ලගෙ ඇඟට හලලා කම්මුලට ගැහුවාම ඒ කොල්ලා විසිවෙලා ගිහින් බිමට වැටුණා....

යුංගි අදත් හිටියෙ ගොඩක් කේන්තියෙන්....ඒත් යුංගි ජිමින් ළඟට නොගිහින් ඉන්න උත්සාහ කරන එකේ ප්‍රතිඵල විදියට යුංගි ආව ගමන් දඟලන්න ගිහින් හන්ටර් ගුටිකෑවා.... දැන් මේ කොල්ලා....

ඒ කොල්ලට වෙඩි තියන්න ගන් එක ඒම් කළත් යුංගිගෙ බෙල්ල දිගේ උඩට යන සීතලක් එක්ක බඩ වටේ එතුණ හීන් අත් දෙකක් නිසා යුංගි ගන් එක පහත දැම්මා....හිතලා කළ දෙයක් නොවුණත් යුංගිට තවදුරටත් අර කොල්ලට කෑ ගහන්න උවමනාවක් තිබුණෙ නෑ...තරහක් නොතිබුණා නෙවෙයි...තමන් ළඟින් ආව රෝසමල් සුවඳ නිසා යුංගි හිටියෙ මත් වෙලා....ඒ සුවඳ පවා යුංගිව පිස්සු වට්ටනවා... ඒකයි යුංගි ඇවිල්ලත් උඩට නොගිහින් හිටියෙ...හැමදේම දැනගෙන හෙසෝක්ට රිද්දලා ජිමින් එක්ක සෙල්ලම් කරන්න හිත දුන්නෙ නැති නිසයි යුංගි පාඩුවෙ ඉන්න හැදුවත් දැන් ජිමින් පහළට ඇවිල්ලා....

"තමුසෙ මොකක්ද කාමරෙන් එළියට ඇවිත් කරන්නෙ ආආ!? යකා අවුස්සගන්නෙ නැතිව පලයන් කාමරේට ජිමින්!"
යුංගි අත් දෙක මිටමොලවගෙන කෑ ගහද්දි ජිමින් හිනාවෙලා යුංගිගෙ ඉස්සරහට ආවා...

"මින් යුංගිටත් දැන් පරණ ඩෝල්ව එපා වෙලා වගේ...."

ජිමින් යුංගිගෙ පපුව සීරෙන විදියට කමිසෙට උඩින් තමන්ගෙ දබරැඟිල්ල ඇදගෙන යද්දි යුංගි ජිමින්ගෙ අත තද කරලා අල්ලගත්තා...

"කවුද දැන් එහෙම ල#@ක් කිව්වෙ ආආ!?"

යුංගි ජිමින්ගෙ මත්වෙලා අඩවල් වෙලා තියෙන ඇස් දිහා නොබලා ඉන්න උතූසාහ කරන ගමන් කතා කළත් යුංගිගෙ උත්සහය සාර්ථක වුණේ නම් නෑ....ජිමින් හිතාමතා ම යුංගිව අවුස්සනවා.....ඒත් ජිමින් වගේ කෙනෙක් ඉස්සරහ තියන් පාඩුවෙ ඉන්න තරම් කේන්ති ගිහින් ඉන්න යුංගිට ඉවසීමක් නෑ.....

The Hell HighwayWo Geschichten leben. Entdecke jetzt