CHAPTER 06

432 72 53
                                    


"ජිමින්!!"

හෙසෝක්ගෙ කෑ ගැහිල්ලත් එක්ක වාඩිවෙලා හිටිය පුටුවෙන් නැඟිටින ගමන් හැරිලා බැලුව ජිමින් එයාගෙ ඇඟ පැත්තට පෙරලෙන රෝස පාට, සුදු පාට,කහ පාට රෝස මල් ගහලා සරසලා ඉටිපන්දම් පත්තු කරපු යකඩ කුළුණ දිහා ඇස් ලොකු කරගෙන බලන් හිටියා මිසක ජිමින්ට මතක් වුණෙ නෑ එතනින් අයින් වෙන්න....

ඊළඟ තත්පරේ ජිමින්ව එහාට තල්ලු වෙලා යද්දි ජිමින්ට දැනුණා එයාගෙ වම් අත මැණික්කටුව හරියෙන් කවුරුහරි තද කරලා අල්ලගන්නවා...

අනිත් අත ළඟ තිටගබුණ පුටුවකට වාරු කරගෙන ඔලුව උස්සලා බැලුව ජිමින් දැක්කෙ කුළුණත් එයාගෙත් මැද හිටගෙන ජිමින්ගෙ ඇඟෙන් පැත්තකට කරපු කුළුණ එහා පැත්තෙ ඉන්න කෙල්ලන්ගෙ ඇඟට නොවැටෙන්න වම් අතින් රත්වුණ යකඩෙන් අල්ලගෙන අනිත් අතින් තමන් තල්ලු කරපු ජිමින් වැටෙන්නෙ නැති වෙන්න අල්ලගෙන ඉන්න හෙසෝක් ව.....

ජිමින් අඩියක් පස්සට තියලා කෙලින් හිටගෙන බලද්දියි දැක්කෙ ජිමින්ව අල්ලගන්න ඇදුණ නිසා බ්ලෙසර් එක එහෙ මෙහෙ වෙලා හෙසෝක් යටින් ඇඳපු පපුව නිරාවරණය වෙන විදියෙ කමිසෙ නිසා නිරාවරණය වෙලා තිබුණ හෙසෝක්ගෙ පපුව පුරාම දිය වෙලා තිබුණ ඉටිපන්දම් කිරි වැටිලා කියලා...ඒ වගේම වම් අතෙත් එළියට පෙණුන ටිකේ මැණික්කටුව හරියෙ තැනින් තැන ඉටි වැටිලා රතුවෙලා තිබුණා....

රත් වෙලා තිබුණ යකට ස්ටෑන්ඩ් එක අල්ලලා හෙසෝක්ගෙ අත්ල සම්පූර්ණයෙන්ම රතු වෙලා තිබුණ...

ජිමින් බයවෙලා වාගෙ බලන් ඉන්න අතරෙ කණුව හරියට හිටවලා හෙසෝක් හැරුණෙ ජිමින් දිහාට....

"ඔයාගෙ ඇඟට ඉටි වැටුණද ජිමින්? මම තල්ලු කරපු පාරට මොනවා හරි වුණාද? ච්-චෙසොහොම්මිනිදා..."

හෙසෝක් එයාගෙ පිච්චුණ අත ගසන ගමන් කණස්සල්ලෙන් ජිමින් දිහා බලාගෙන කියද්දි ජිමින් මේසෙ උඩ තිබුණ ටිශූ හෝල්ඩර් එකෙන් ගත්ත ටිශූස් දෙක තුනක් වතුර වීදුරුවක පොඟලා අරගෙන හෙසෝක්ගෙ බ්ලෙසර් එකේ බොත්තම ගලවලා පපුව පේන විදියට ඈත් කරලා ඉටි වැටිලා රතු වුණ තැන් හෙමින් පිහදන්න පටන් ගත්තත් හෙසෝක් එයාලා වටේ වටවෙලා ඉන්න පිරිස දිහා බලලා ජිමින්ගෙ අතින් අල්ලලා ජිමින්ව නතර කරලා ජිමින් එයාව වාඩි කරවපු තැනින් නැඟිට්ටා...

The Hell HighwayWhere stories live. Discover now