Chapter 3

349 85 102
                                    


එක්වරම මින්යූගේ සහ යුංගිගේ දෑස් එකිනෙක ගැටුණු විට ඇයට දැනුණෙ ඇයව ඇතුලාන්තයෙන් පිළිස්සෙනවා වගේ. ඒත් එක්කම ඇයට සියල්ල බොඳවී පෙනෙන්න පටන් ගත්තා. තවත් මොහොතකින් ඇයව සිහි නැතුව ඇදගෙන වැටුණෙ නායුන් ක්ෂණිකව ක්‍රියාත්මක වී ඇයව අල්ලා ගනිද්දි.

"මින්යූවාආආආ..... දෙයියනේ... ඔයාට මොකක්ද මේ වුනේ? අනේ ඇස් අරින්නකො. මින්යූ......"

නායුන් ඇගේ කම්මුල් වලට තට්ටු කරමින් ඇයගේ සිහිය ලබාගැනීමට උත්සාහ කලත් එය එතරම් සාර්ථක වුනේ නැහැ. නමුත් මින්යූ නිසා කලබලයට පත් වුන යුංගි ඇයව තමන්ගෙ අත් අතරට ගත්තෙ නායුන්ව පැත්තකට තල්ලු කරමින්.

"ආහ්...... මොකක්ද මේ තඩි පූසට වෙලා තියෙන්නේ? ආව්.... මගේ කොන්ද."

නායුන් නැගිට්ටෙ තමන්ගෙ කොන්දත් අල්ලගෙන. යුංගි තල්ලු කරපු පාරට ඇයට ඇස් වලින් කඳුළු පනින්න තරම් ලොකු වේදනාවක් දැනුණා. ඒත් ඇයට මේ මොහොතේ අවශ්‍ය වුණේ තමන්ගෙ යාලුවා ගැන බලන්න. යුංගිගෙ අමුතු හැසිරීම් ඇයව තවත් බියට පත් කලා.

"සර්..... ප්ලීස් ඔතනින් අයින් වෙන්න. මට පුළුවන් මගේ යාළුවා ගැන බලාගන්න."

"යාආආආආ........"

නායුන් මින්යූව අල්ලන්න උත්සාහ කලත් යුංගි හයියෙන් කෑ ගැහුවෙ නායුන් බයටම පස්සට විසික් වෙනකොට. යුංගි ඇය දෙස බලා සිටියෙ ගිනි පිටවෙන ඇස් වලින්. ඇත්තටම යුංගිගෙ තද කළු පාට ඇස් දැන් ගිනි රතු පාටට හැරිලා තියෙනකොට නායුන් තමන්ගෙ ඔලුව දෙපැත්තට ගැසුවෙ ඒ තමන්ගෙ හිතේ ඇතිවුණු හිතළුවක් කියලා හිතපු නිසා. නමුත් ඒ ඇස් දිහා අවිශ්වාසයෙන් බලා හිටපු කෙල්ල ගැස්සිලා ගියේ යුංගි කෑගහද්දි.

"යාආආආ..... ගිහින් වතුර එකක් අරන් එනවාආආආ...... නායුන්..... ඉක්මනට."

යුංගි පුළුවන් තරම් හයියෙන් කෑගහලා කියද්දි නායුන් දිව්වෙ කුස්සියට. ඒ අතර යුංගි මින්යූව තමන්ගෙ අත් දෙකට අරගෙන උඩ තට්ටුවට ගියේ ජිමිනුත් ඔහු පසුපසින් ඇදෙනකොට.

"මැණික..... ප්ලීස් මේ පාර නම් මාව තනිකරලා යන්න එපා.... ප්ලීස් ඇස් අරින්න මැණික."

Born With Fire || MYG ✓Where stories live. Discover now