Chapter 23

233 59 204
                                    


"මේ මල් පෙති පේනවද ඔයාට? ඒවා ටික දවසක් විතරයි තමන් අයිති මල් ඉත්තට වෙලා ඉන්නෙ. ඊටපස්සෙ ඒවා හරි සැහැල්ලුවෙන් පාවෙලා යනවා නායු. ඉතින් ඔයත් මට සැහැල්ලුවෙන් යන්න ඉඩ දෙන්න ඕන."

"මට එහෙම කරන්න තිබුනා මම මේ මල් පෙති වැටෙන පොළොවෙ කොටසක් වුන දවසට."

නායුන් කියද්දි ටේහ්යොන්ග් ඇයගෙ වචන නැවැත්තුවා. ඔහුට තේරුණා පොළොවෙ කොටසක් වෙනවා කියන එකේ තේරුම. 

"ඔය මැරෙන කතා කියන්න එපා රත්තරන්. මට මහන්සියි මෙහෙම දුක් වෙලා. ප්ලීස් මම යනකොට මතක තියාගන්න ලස්සන මතක විතරක් මට දෙන්න. අනික මම මැරෙන්න යනවා නෙවෙයිනෙ. මම යන්නෙ මගේ අයිතිය තියෙන තැනට."

ටේහ්යොන්ග් කියද්දි නායුන් ඔහුගේ පපුවට තුරුළු වුණා. ඔවුන් දෙදෙනා හිටියෙ යුංගිගෙ උද්‍යානයට වෙලා. උද්‍යානයේ තිබුණු පුංචි මල් ගස් දිහා බලාගෙන කාලය ගත කරන එක ටේහ්යොන්ග් ඉස්සර ඉඳන්ම කැමති වුන දෙයක්. ඔහුට ඕන යුංගි මින්යූට දෙන තරම්ම ආදරයක් ඇයට දෙන්න. ඒත් මොනවා කරන්නද? ඒකට ඔහුට අවසර දෙන්න දෛවයට අමතක වෙලා. ඇත්තටම දෛවයට මේ අවංක ආදරවන්තයාට උදව් කරන්න අමතක වෙලා.

"ඕහ් ජිමින්...... යන්න එපා මෙහාට එන්න."

ටේහ්යොන්ග් කතා කලේ ඔවුන් දිහා හොරෙන් බලාගෙන ඉඳලා හැරිලා යන්න හදපු ජිමින්ට. ඔහුත් ටේහ්යොන්ග් වගේම උද්‍යානයේ ඇවිදින්න කැමතියි. ඒත් අඩුවකට තිබ්බෙ ඔහුගේ ආදරේ එතන නොහිටිය එක. ඉතින් ටේහ්යොන්ග් නායුන් එක්ක තනියම ඉන්න තැනට ගිහින් ඔවුන්ට කරදරයක් වෙන්න ජිමින්ට ඕන වුණේ නැහැ.

"ඔයාලා ඉන්න මම පස්සෙ එන්නම්."

"පොඩ්ඩක් ඉන්න ජිමින්..... මට ඔයාටයි නායුන්ටයි දෙන්නටම කියන්න දෙයක් තියෙනවා."

ටේහ්යොන්ග් කිව්වෙ ජිමින් ලඟට ගිහින් ඔහුව ඇදගෙන එන ගමන්. ජිමින්වත් ඔවුන් ඉඳගෙන හිටපු බංකුවේ පැත්තකින් ඉන්දවන ගමන්. ටේහ්යොන්ග් ටිකක් ඈතට ගියා. 

"හ්ම්...... මැචින් කපල් එකක් ආ?"

ටේහ්යොන්ග් කිව්වෙ තමන්ගෙ අත් රාමුවක හැඩේට සකස් කරලා ජිමින් නායුන් දෙන්නව රාමුවකට හසු කරගන්න ගමන්. ඔහු කොහොමද මෙහෙම කරන්නෙ? තමන්ගෙ ආදරේ වෙන කෙනෙක්ට මෙච්චර සතුටින් බාරදෙන්නෙ? ඒත් කියන්නම ඕන. ජිමින් නායුන් දෙන්නට කොහොම වුණත් ටේහ්යොන්ග්ට ජිමින් කියන්නෙ තමන්ම තමයි. ඉතින් ජිමින්ට නායුන්ව දෙනවා කියන්නෙ නායුන්ව තමන්ට හම්බුනා කියන එකම නේද? ඒත් ටේහ්යොන්ග්ට තිබුණු එකම ප්‍රශ්නෙ ජිමින් නායුන්ට ආදරේ නොකරන එක. ඒ හැඟීමයි ටේහ්යොන්ග්ට තාමත් රිද්දන්නෙ.

Born With Fire || MYG ✓Hikayelerin yaşadığı yer. Şimdi keşfedin