Chapter 18

256 66 143
                                    


"බොස්..... අපි හිතපු විදිහ හරි. ඒ කෙල්ලත් එක්ක ඉන්නෙ ජිමින්ගෙ අනිත් කොටස තමයි."

"හ්ම්.... මං හිතුවා ඔය ප්‍රේම කුරුල්ලා කොයිවෙලේ හරි ඒ කෙල්ලව හොයාගෙන එනවා කියලා. ෂිට්.... අපිට බැරි වුණානෙ යුංගියාට කලින් ඒකිව මෙහෙට ගෙන්න ගන්න."

"ඔව් බොස්.... වෙලාවට ඒකි අපේ කම්පැනි එකේ ඉන්ටර්වීව් එකට යන්න කලින් උගෙ කම්පැනි එකට ගියානෙ."

අඳුරු වෙච්ච කාමරයකට වෙලා කෙනෙක් තමන්ගෙ අත වෙළුම් පටි වලින් ඔතන ගමන් හිටියෙ. ඔහුගේ ඇස් තද රතු පාටට හැරිලා නහරවල් මතු වෙලා තිබුණත් කාටවත් ඒ බව නොපෙනුනේ කාමරය දැඩි අඳුරක ගිලී තිබුණ නිසාමයි. ඔහු වෙන කවුරුත් නෙවෙයි ෂින්.

ෂින් කියන්නෙ කාල පක්ෂියෙක්. කවුරුත් ඒ තරම් නොහිතුවට ඔහුගෙයි යුංගිගෙයි අතර ලොකු වෙනසක් තිබුණෙ නැහැ. යුංගි රතු සහ කහ මිශ්‍ර ආලෝකයට අයත් ෆීනික්ස් පක්ෂියෙක් වෙද්දි ෂින් තද කළු පාට පියාපත් සහිත අඳුරට අයත් ෆීනික්ස් පක්ෂියෙක් වුණා. ඔහු හැමදාම වැඩ කලේ නපුරු පැත්තට නිසා වගේම ඔවුන්ගේ භයානක ක්‍රියා කලාපය නිසා මුළු ෆීනික්ස් ලෝකයේම ඔවුන්ව ප්‍රචලිත වුනේ කාල පක්ෂීන් ලෙස.

යුංගිගෙ පරම හතුරෙක් වුන ඔහුට යුංගිගෙ මුළු ජීවිතේම විනාශ කරලා දාන්න හේතුවක් ෂින්ට තිබුණා. නමුත් ඒ හේතුව ෆීනික්ස් පක්ෂීන්ට සීමා වුන රහසක්. කලින් දවසක නායුන්ව ඔවුන් ලඟට ගෙන්වාගෙන ජිමින්ගෙ ඉතුරු කොටස අල්ලාගැනීමේ සැලැස්මක් ෂින්ට තිබුණා. නමුත් ඒ සැලැස්ම ව්‍යර්ථ කරමින් යුංගි නායුන්ව ගිවිසුමක් මාර්ගයෙන් තමන්ගෙ ගෙදරම නතර කරගන්නවා. ගිවිසුමට අනුව නායුන් මොනයම් හෝ හේතුවකට යුංගිගෙ ගෙදරින් ගියොත් ඇයට ලොකු වන්දියක් ගෙවන්න සිද්ධ වෙනවා. මුලදි ඒ ගිවිසුම පදනම් විරහිත එකක් කියලා හිතුනත් ඇත්තටම යුංගි මුල ඉඳන්ම කලේ අනිත් අයව ආරක්ෂා කරන එක.

මේ වෙලාවෙ නායුන් බලාගෙන හිටියෙ යුංගි ආපහු ගෙදර එනකම්. ටේහ්යොන්ග් ගියාට පස්සෙ ජිමිනුත් තමන්ගෙ කාමරේට වෙලා හිටපු එකෙන් නායුන්ට හිතන්න තවත් වෙලාව ලැබුණා. කෙල්ලට මුලින්ම ඕන වුණේ මේ විශ්වාස කරන්න බැරි ෆීනික්ස් කතාවෙ ඇත්ත නැත්ත හොයාගන්න.

Born With Fire || MYG ✓Where stories live. Discover now