Chapter 16

250 67 125
                                    


"මේක කාගෙ ඩයරියක්ද?"

නායුන් තමන්ගෙ අතේ තියෙන කාලයක් හිතාගන්න බැරි තරම්ම පැරණි සම් වලින් හදපු දිනපොත එහෙට මෙහෙට හරවලා පරීක්ෂා කළා. ඉන්පසුව ඇය තීරණය කලා දිනපොත කියවලා බලන්න. මේ දිනපොත යුංගිට අයිති බවට නම් ඇයට යම්තාක් අදහසක් තිබුණා. ඇය දුටුවේ දිනපොතේ විශේෂයෙන් සටහන් කර තිබෙන දේවල් කිහිපයක්. යුංගිගේ ඇඳෙන් ඉඳගත්ත නායුන් දිනපොත කියවීම ආරම්භ කළා.


********************


1647 පෙබරවාරි 23 

අද මම ඇය දෙස බලා සිටියා. මගේ මිනිස් ස්වරූපය ලැබීමෙන් පසු මා දුටු ප්‍රථම රුව ඇයගේයි. ඇය සුන්දරයි වගේම රාජකීය පෙළපතකට අයත් කුමරියක් බවයි පෙනුණෙ. මට ඇයව හමුවීමට යාමට අවශ්‍යයි. ඇයට මාව කොහොම පෙනේවිද?


එය යුංගිගේ පලමු ආත්මයයි. ඒ ආත්මයේදී ඔහු ප්‍රථම වතාවට සිය ෆීනික්ස් ස්වරූපයේ සිට මිනිස් ස්වරූපයට පරිවර්තනය වීම සාර්ථකව සම්පූර්ණ කලා. ඔහු සිය මිනිස් රූපයට පරිවර්තනය වූ පලමුව ඔහු දුටුවේ කැලෑව තුල එහෙ මෙහෙ දුවමින් ක්‍රීඩා කරන තරුණ වියේ පසුවන ගැහැණු ළමයෙක්. ඒ ඔහුගේ පළමු වතාව මිනිස් තරුණියක් ඇස ගැටුණු. ඉතින් ඔහු ඒ රූපයට හදවතින් බැඳීම ආරම්භ කරනවා.

ඇය තරුණ රාජ කුමරියක් වන අතර ජෝසොන් රාජ වංශයේ එතරම් ප්‍රසිද්ධියට පත් නොවූ අමාත්‍ය පවුලකට අයිති දරුවෙකු වුණා. ඉතින් යුංගිගේ සිත නිතරම ඔහුට පැවසුවේ තමන් වැනි අමුතු ජීවියෙකුට ඇය අකමැති වේවි කියලයි.


1745 අගෝස්තු 29

මම ඇය අසලට ගියා. ඇය මගේ දෑස් දෙස බලා සිටියේ වෙනදා මෙන්ම බයෙන්. නමුත් ඇය සෙමෙන් මගේ හිස අතගාන විට මට යමක් දැනුණා. මගේ ෆීනික්ස් ස්වරූපය තුල සැඟව තිබුණු හැඟීම් ඇය අවදි කරවනවා.


යුංගි ඇයව සොයා ගියත් එවිට වසර ගණනාවක් ගෙවී තිබුණු නිසා ඇය තවදුරටත් ජීවතුන් අතර නැති බව ඔහු දැනගන්නවා. ඒ සමඟම ඔහු ඇයගේ නැවත උපතක් සිදු වන තුරු බලා සිටීම අරඹනවා. 

Born With Fire || MYG ✓Where stories live. Discover now