Chapter 14

271 66 129
                                    


වර්නන්ගෙ ඉල්ලීම අහක දාන්න බැරි නිසාම පාර්ටි එකට ගියත් මින්යූ හිටියෙ ටිකක් අපහසුවෙන් වගේම බයෙන්. කලින් එනවා කියපු විශ්ව විද්‍යාලයේ කිසිම කෙනෙක් නැති වෙනකොට ඇයට සිද්ධ වුණේ තනියම ඉන්න. ඊටත් වඩා තමන්ව කලින් විශ්ව විද්‍යාලයට ගෙනිහින් දානවා කියපු වර්නන් හොයාගන්න නැති වෙනකොට කෙල්ල තවත් බය වුනා.

ටිකක් වෙලා ඉඳලා ඇය ලෑස්ති වුණේ එලියට යන්න. ඒත් කවුරු හරි කෙනෙක් ඇයව නැවැත්තුවා. ඒ වර්නන්මයි කියලා ඇය අඳුරගත්තෙ කටහඬින්. ඒත් ඒ කටහඬට අද ඇය බය වුනා.

"හේයි බේබි...... ඔයා කොහෙද යන්නෙ ආආ?"

"වර්නන්... ප්ලීස් මාව යුනි එකට ගිහින් දාන්න. යුංගි ඔප්පා බයවෙලා ඇති."

"මොකද ඔච්චර හදිස්සි ආ? අර ගිනි කුරුල්ලා ලඟට යන්න ඔච්චර ආසද?"

වර්නන් කිව්වෙ කෙල්ලගෙ ලඟට ලංවෙන ගමන්. ඔහුගේ ලඟින් දැනෙන සැර ඇල්කොහොල් ගඳ නිසා ඔහු මේ වෙනකොට හොඳටම මත් වෙලා ඉන්න බව ඇයට තේරුණා.

"ප්ලීස් වර්නන්.... මම යන්නම්.... ඔයා එක්කන් යන්න ඕන නෑ."

කෙල්ල එතනින් ඉවත් වෙන්න හැදුවත් ඇයගේ අත තදින් අල්ලගත්ත වර්නන් කෙල්ලව ඇදගෙන ගිහින් ලඟ තිබුන බිත්තියකට තද කලා. ඒත් එක්කම ඔහු කෙල්ල දිහා බැලුවෙ කට කොනින් හිනාවෙන ගමන්.

"උඹ කොහොමද කෙල්ලෙ මගෙන් බේරෙන්නෙ? අරූට තමුන්ව කවදාවත් ලැබෙන්නෙ නෑ. තමුන් මටයි අයිති."

"ඔයා මොනාද මේ කියවන්නෙ ආආ? මාව අතාරිනවා...."

වර්නන් ටිකෙන් ටික කෙල්ලගෙ තොල් වලට ලංවෙන වත් එක්කම මින්යූ තමන්ගෙ ඇස් දෙක තදින් වහගත්තෙ බය වැඩි කමටමයි. ඒත් ටික වෙලාවකින් ඇයට ලොකු ඝෝෂාවක් ඇහෙන්න ගත්තා. හෙමින් සැරේ තමන්ගෙ ඇස් දෙක ඇරලා බලපු කෙල්ල දැක්කෙ වර්නන්ව බිම දාගෙන ගහන යුංගිව.

"යු... යුංගි.. ඔප්පා......"

"උඹ මගේ කෙල්ලට අත තියන්න හිතුවෙ කොහොමද මිනිහෝ? උඹ අද ඉවරයි කියලා දැනගනින්."

වර්නන්ගෙ කොලර් එකෙන් අල්ලලා ඔහුව උඩට උස්සපු යුංගි කොල්ලව පැත්තකට විසි කරලා දැම්මෙ ගොඩක් තරහින්. යුංගිගෙ හැසිරීම එක්ක තවත් කලබල වුන මින්යූ උත්සාහ කලේ ඔහුව නවත්තන්න. ඇයට බයක් තිබුණා ඔහුටත් අනතුරක් වෙයි කියලා.

Born With Fire || MYG ✓Where stories live. Discover now