Chapter 11

283 66 139
                                    


ඩෝං...... ඩෝං.........

"යාආආආආආ....... ජිමිනාආආආ..... තමුන්ගෙ ඔලුව නරක් වෙලාද ආආ?"

මින්යූ නායුන් දෙන්නම එකට විශ්ව විද්‍යාලයට යන්න පටන් අරන් දැනට සතියක් ගත වෙලා. නිවාඩු දවස් වල ඇරෙන්න අනිත් හැම දවසෙම ජිමින් බබාව බලාගන්න වැඩේ බාර වුනේ යුංගිට නිසා කොල්ලා හිටියෙ ඉරිදා හවස නිවී සැනසිල්ලේ නිදාගෙන. ගෙදර සාලෙ මැද සෝෆා එකේ හොඳට නිදාගෙන හිටපු යුංගි ගැස්සිලා ඇහැරුණේ ජිමින් එයාගෙ කන ලඟ පුපුරවපු බැලුම් බෝලෙ නිසා.

"අලේ යුගී බූඌඌඌ මත බනිලවාආආ.... ඔම්මාආආආ.... බබාත බනිලවා මෙයා. එල්ලකො ඔම්මා...."

කොල්ලා නම් ඒ කපටි වැඩේ කරලා හොඳට හිනාවෙවී හිටියෙ යුංගි ගිනි පිඹින්න ලෑස්ති වෙද්දි. ජිමින්ගෙ අසනීප තත්ත්වය කලින්ට වඩා ගොඩක් වැඩි වෙලා තිබුණ නිසා කලින් දවස් දෙක තුනකට සැරයක් ඇති වුන මානසික තත්ත්වය දැන් දිනපතාම ඇතිවෙන තරම් දරුණු වෙලා තිබුණා.

"කට කට කට..... දැන් මොකටද මාව ඇහැරෙව්වෙ ආආ?"

"අද අපිට පාක් එකට යන්න තියෙනවනෙ හ්යොන්ග්."

ජිමින්ගෙ ඇස් සාමාන්‍ය තත්වයට පත් වෙනවත් එක්කම යුංගි එය තේරුම් ගත්තා. ඒත් එක්කම ඔහු නිදාගෙන හිටපු තැනින් නැගිටලා උඩට ගියේ හවස ඇවිදින්න යන වැඩේට ජිමින්ටත් වඩා ඔහුට උනන්දුවක් තිබුණ නිසා. නායුන්ගෙ කාමරේටත් කන තියලා බලපු යුංගිට ඇහුනෙ පරණ පුරුදු සද්දයක්. හැබැයි මේ පාර සිංදුව වෙනස් වෙලා තිබුණා.

"I rathered be lost in the lights... Lost in the lights.... I'm out of my mind.... Can you help me numb the pain.... Each night you spin me up high......"

"නායුනාආආආ..... ඔය කරච්චලේ නවත්තලා ඇවිදින්න යන්න ලෑස්ති වෙනවා."

"ආයිශ්..... හරි හරි මං ලෑස්ති වෙන්නම්. කෙල්ලන්ගෙ කාමර වලට කන් තියාගෙන ඉන්න ලැජ්ජ නැද්ද මන්දා."

"මට තමුන් කියපුවා ඇහුණා."

නායුන්ගෙ කාමරෙන් ඈත් වුණ යුංගි ගියේ මින්යූගෙ කාමරේට. කෙල්ල නම් හොඳටම නිදි. මින්යූ නිදාගෙන ඉන්නවා දැක්කම ඔහුගේ මුහුණට සිනහවක් ආවා. වැඩි සද්දයක් නැතුවම කෙල්ල ලඟට ගිය යුංගි ඇයට නොදැනෙන විදිහට ඇගේ නලල සියුම්ව සිපගත්තා. 

Born With Fire || MYG ✓Where stories live. Discover now