Chapter 19

232 60 134
                                    


"මේ අලි බබාට තාමත් සීරියල් කවන්න ඕනෙද අනේ? මෙයාට හොඳට හපලා කන්න දත් තිස් දෙකක්ම තියෙන්නෙ."

"උයා කත වාගෙන ඉල්ලකො කුකූ..... උයා කවල්ල ඔම්මා ආ....."

වෙලාව උදෑසන දහයයි. ජිමින් හිටියෙ කෑම මේසෙ උඩ ඉඳගෙන එයාගෙ ලොකු තාරාවව බදාගෙන. ඒ අතරෙ නායුන් කොල්ලට සීරියල් කැව්වත් යුංගිගෙ වැඩකට ගෙදරට ඇවිත් හිටපු ජංගුක් නම් ඒ වැඩේට විරුද්ධත්වය පල කලා. ඒත් ඉතින් ජිමින් බබා එක්ක එයාගෙ කුකූට ලේසි වුනේ නැහැ.

"මෙන්න කුකී ඔප්පා.... මේ තේ එක බීලා ඉන්නකො."

නායුන් ජිමින්ට කවන ගමන් හිටපු නිසා මින්යූ ජංගුක්ට තේ එකක් එක්කම චොක්ලට් චිප් කුකීස් අරගෙන ආවා. අද මේ ගිනි කුරුල්ලයි මොඩ්ල් ජංගුකුයි දෙන්නා ලෑස්ති වුණේ වෙනම වැඩකට. මේ අතර පඩිපෙල බැහැගෙන පහලට ආවෙ යුංගි. 

"ජංගුක් දැන් මොනවද මට මුලින්ම කරන්න තියෙන්නේ?"

"මෙහෙමයි හ්යොන්ග් පූස්...... ඔයා මුලින්ම මොඩ්ල් කෙනෙක් ඇවිදින විදිහ ඉගෙන ගන්න. බලාගන්නකො මං කරන විදිහ."

ජංගුක් කිව්වෙ ඉඳගෙන හිටපු තැනින් නැගිටලා ඉස්සරහට දුවගෙන එන ගමන්. ඔහු ලස්සනට ඇවිදලා පෙන්නුවට පස්සෙ යුංගිත් හරියටම ඔහුව අනුගමනය කලා. කොහොමත් යුංගි කියන්නෙ ඕනම දෙයක් හරිම ඉක්මනින් අල්ලගන්න දක්ෂ කෙනෙක්. ඔවුන් දෙදෙනා මූලික දේවල් ඉගෙන ගෙන ඉවර වෙනකොටම වගේ ගේ ඇතුලට දුවගෙන ආවෙ ටේහ්යොන්ග්. ඔහුගේ අතේ ලොකු බෑග් දෙකක් තිබුණා.

"නායු මැණික මං ආවාආආ....."

ආපු ගමන්ම බෑග් දෙක බිමට අතෑරලා නායුන් ගාවට දුවගෙන ගිය ටේහ්යොන්ග් ඇයව තදින් බදාගත්තෙ වටේ පිටේ අය කටවල් ඇර ගනිද්දි. ඊටපස්සෙ ඔහු හැමෝම ඉස්සරහා නායුන්ගෙ කම්මුල් පුංචි පුංචි හාදු වලින් පුරවන්න ගත්තෙ කෙල්ලගෙ මූණ රතු වෙලා යද්දි. ටේහ්යොන්ග්ගෙ හැසිරීම් වල නිතරම මේ වගේ වෙනස් දේවල් තිබුණා. ඔහුට ආදරේ කරන්න ආදරේ පෙන්නන්න තැනක් නොතැනක් තිබුණෙ නැහැ. ඒත් ඉතින් මේ සාමාන්‍ය මිනිස්සුන්ට ඒවා දරාගන්න ටිකක් අමාරුයි.

Born With Fire || MYG ✓Where stories live. Discover now