Chapter 12

312 67 145
                                    


මීලඟ දවස ලෙහෙසියෙන් ගත කරන්න කාටවත් පුළුවන් වෙන එකක් නැහැ. ජිමින් හිටියෙ ලොකු කල්පනාවක හිර වෙලා. ටේහ්යොන්ග් නායුන්ට ලංවෙන එකෙන් සිද්ධ වෙන්නෙ හොඳ දෙයක් නෙවෙයි. ඇයට ටේහ්යොන්ග්ව අතාරින්න බැරි වුනොත් දවසක දැන් ජිමින් විඳිනවා වගේම වේදනාවක් විඳින්න ඇයටත් සිදු වෙයි.

පාර්ක් එකේ සිදුවීමෙන් පස්සෙ මුළු රෑම ජිමින් ඇහැරිලා හිටියෙ මේ ප්‍රශ්න වලට විසඳුමක් කල්පනා කරන්න. ඒත් ඔහුට තාමත් විසඳුමක් ලැබුණෙ නැහැ. උදේ පාන්දර ගෙදර හැමෝම කලබල වෙලා ඉඳිද්දි යුංගි පහලට ආවෙ මින්යූව විශ්ව විද්‍යාලයට අරගෙන යන්න ඕන නිසා. ඒත් සෝෆා එකෙන් ඉඳගෙන හිටපු ජිමින්ව දැක්කම ඔහු එතනට ගියා.

"ජිමින්..... ටේ ගැන බයවෙන්න එපා. අද නායුන්ව යුනිවර්සිටි යවන්නෙ නෑ. අපි ගිහින් ටේ එක්ක කතා කරමු."

"ඒත් හ්යොන්ග් ඔයා මොකක් කියලද නායුන්ව නැවැත්තුවෙ?"

"මං එයාට කිව්වා මගේ කාමරේ අස් කරන්නෙ නැතුව ගෙදරින් එලියට බහින්න එපා කියලා. ඒ වැඩේ කරන්න පැය දෙක තුනක් වත් යයි."

"ඒත් හ්යොන්ග් එයා හිතනවා ඇති අපි එයාට වෙනස්කම් කරනවා කියලා."

"ඒක අපි කරන්නෙ එයාගෙම හොඳට ජිමින්. හැබැයි ඔයා එයාට වෙනස්කමක් තමයි කරන්නෙ. ටේහ්යොන්ග් කෙල්ලට කොච්චර ආදරෙයිද කියලා අපිට තේරෙනවනෙ දැන්. තමන්ගෙ ජීවිතේ කොච්චර අනතුරක තිබුණත් එයා මෙහෙම එලියට ආවෙ නායුන් හින්දා."

යුංගි කිව්වෙ තමන්ගෙ ෂර්ට් එකේ අත් දෙක නවන ගමන්. ඒත් එක්කම ජිමින් නැගිටලා උඩට ගියේ විශ්ව විද්‍යාලයට යන්න ලෑස්ති වෙන්න. මේ වෙලාවෙ නායුන් ගෙදර මුළුතැන්ගෙයට වෙලා කෑම ටික පෙට්ටි වලට අසුරන ගමන් හිටියෙ. ඇගේ මූණ ඒතරම් හොඳ නැති නිසා මින්යූ දිගටම ඇය දිහා බලාගෙන හිටියෙ ඒ ඇයි කියලා අහන්න අවස්ථාවක් ලැබෙනකම්. ඒ අනුව කෑම ටික තමන්ගෙ අතට ගෙනත් දුන්න නායුන් ආපහු යන්න හදනකොට මින්යූ ඇයව නැවැත්තුවා.

"ඔයා ඔය අවුලෙන් ඉන්නෙ යුනි යන්න නැති නිසා ද?"

"ම්ම්හ්.... නැහැ......"

Born With Fire || MYG ✓Where stories live. Discover now