Chapter 8

294 74 102
                                    


නායුන් කුස්සියට වෙලා තමන්ගෙ වැඩ කරන ගමන් හිටියෙ. තවමත් උදේ වුණ දේවල් ඇගේ හිත කැලඹීමට පත් කලා. ඒත් ඇයගේ අවධානය වෙනස් වුනේ කෙනෙක් ඇයව පිටිපස්සෙන් බදාගත්ත නිසා. මුලදි ටිකක් කලබල වුනත් ටිකකින් ඇය ඒ කවුද කියලා අඳුනගත්තා.

"ආහ්.... ජිමිනි බබා.... මොනාද ඔයාට ඕනෙ? තාම කෑම නම් හදලා ඉවර නෑ මැණික."

නායුන් කෑම උයන ගමන්ම කියද්දි ජිමින් ඇයව තුරුළු කරගෙනම හිනාවුනේ ඇයගෙ කතාව නිසාමයි. ජිමින් කියන්නෙ කොහොමත් හිනාවෙන කෙනෙක් නිසා ඇය ඒක ඒතරම් ගනන් ගත්තෙ නැහැ. 'ජිමිනි බබා සතුටෙන්ද කොහෙද?' එහෙමයි ඇය හිතුවෙ. ඒත් ඇගේ අදහස වෙනස් වෙන්න ගියේ තත්පර ගානක් විතරයි.

"ඔයාගෙ බබාට බඩගිනි නෑ මැණික. ඒ වුණාට මේ ලොකු බබාට නම් ටිකක් බඩගිනියි වගේ."

"මොකාආආආආ..... දෙයියනේ ජිමින් සර්... ඔයා.... මේ ඔයාද? හහ්... මං හිතුවෙ ඔයා අර බබා මූඩ් එකෙන් ඉන්නවා කියලා. සොරි.... ආහ් මට සමාවෙන්න සර්."

"ආශ්.... මොකද අනේ මේ? මමයි සමාව ගන්න ඕන උදේ ඉඳලා ඔයාට වද දුන්නට. ඇත්තටම සොරි."

ජිමින් ලස්සන හිනාවකින් මූණ පුරවගෙන කියද්දි නායුන් හිස ඉහළ පහළ කලා. ජිමින් හිටියෙ නායුන් කතා කරපු විදිහත් එක්ක ටිකක් පුදුම වෙලා. හැබැයි ඒ විදිහට අකමැත්තක් නම් ඔහු තුල තිබුණෙ නෑ. ඔහුට හිතුනා දිගටම බබෙක් වගේම හිටියත් කමක් නෑ කියලා.

"හ්ම්.... දැන් කෑම හදන්න මොකක් හරි උදව්වක් ඕනෙද?"

"ආහ්.... මට තනියම කරන්න පුළුවන් සර්... ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා. ඇයි සර් එකපාරටම වෙනස් වෙන්නෙ?"

නායුන් අහද්දි ජිමින් බිම බලාගත්තෙ ඔහු ඒ ගැන කතා කරන්න ඒතරම් කැමති නැහැ කියලා ඇයට තේරෙද්දි. ජිමින්ට ඒ දේවල් ආපහු මතක් කරන එක ගොඩක් අමාරු දෙයක් වුනා.

"ඔයා කියන්න අකමැති නම් කමක් නෑ ජිමින්."

"නෑ...... මම කියන්නම් නායු.... ඒත් මට ඔයාව වැළඳගන්න පුලුවන්ද? මට ඔයා ලඟ ඉද්දි මගේ ඔම්මත් මේ වගේ ඇති කියලා හිතෙනවා."

ජිමින් දුකින් වගේ බලාගෙන ඉද්දි නායුන් ඔහුට ඉඩදුන්නෙ ජිමින් ඇයව තුරුළු කරගෙන තමන්ගෙ හිස ඇගේ උරහිසින් තියාගෙන කතාව පටන් ගනිද්දි. මේ නුහුරු ලංවීම ඇයට පුංචි අපහසුවක් අරගෙන ආවත් ජිමින් ගැන තේරුම් ගත්ත ඇයට ඔහුව ඈත් කරන්න ඕන වුණේ නැහැ.

Born With Fire || MYG ✓Where stories live. Discover now