Chapter 9

315 73 181
                                    


"මට මගේ මුළු ජීවිත කාලෙටම තියෙන ආදරේ නැති කරගන්න බෑ. ඔයා දන්නවා ෆීනික්ස් කෙනෙක් ආදරේ කරන්නෙ එකම කෙනෙක්ට විතරයි වගේම ඒ කෙනා නැති වුනොත් ඒ ශෝකයෙන් එයා මැරෙනවා කියලත් ජිමින්. මොකද ඔයාටත් අත්දැකීම් තියෙනවා."

"ඒත් හ්යොන්ග් මගේ එකම ආදරේ එයා නෙවෙයි කියලා ඔයා දන්නවා."

"ඒ වුණාට එයාට ඒක එහෙමයිනෙ."

යුංගි කියද්දි ජිමින් බිම බලාගත්තෙ දුකින්. ඔව්, ඔහුටත් යුංගිට වගේම ආත්මගත ආදරයක් තිබුණා. ඒ ආදරවන්තිය කවදාවත් ඔහු ලඟට ආවෙ නැහැ වගේම ජිමින්ට ඒ කෙනාව ඒ ආත්මයෙන් පස්සෙ තවමත් හොයාගන්න බැරි වුනා. ඒත් මේ වෙනකොට යුංගි නායුන්ව ඔහුට ළං කරන්න උත්සාහ කලත් ජිමින් කැමති වුණේ නැහැ තමන්ගෙ එකම ආදරේ අමතක කරන්න. අඩුම ඒ ආදරවන්තිය තමන්ව දැකලාවත් නැති වුනත්.

"ඇයි හ්යොන්ග් එයා මාව වෙනස් කරන්න හදන්නෙ?"

"එයා නායුන්ට ගොඩක් ආදරෙයි කියලා ඔයා දන්නවා ජිමින්. ඉතින් එයා කැමති නෑ ඔයා ජීවිතේට ආදරේ ප්‍රකාශ කරපුවත් නැති කෙනෙක් වෙනුවෙන් නායුන්ව ඈත් කරනවට."

"ඒත් හ්යොන්ග් ආදරෙයි කියලා කියන්න බැරි වුණත් මට තාමත් එයාව ඕනෙ නම්."

"නවත්තගන්න ජිමින්.... ඒ කෙල්ල දැන් වෙන කොල්ලෙක්ව හොයාගෙනත් ඇති."

යුංගි ටිකක් තදින් කියද්දි ජිමින් නිශ්ශබ්ද වුනේ මේ වෙලාවෙ කෑගහන එකවත් ඒ දේවල් වලට විරුද්ධ වෙන එකවත් තේරුමක් නැහැ කියලා දැනුන නිසා. විනාඩි කිහිපයක නිශ්ශබ්දතාවය බිඳ දමමින් නැවතත් කතා කලේ ජිමින්.

"හ්යොන්ග්.... මං නායුන්ව යුනිවර්සිටි යවන්න කියලා හිතුවෙ. ඒ දේවල් ලෑස්ති කරන්න පුළුවන් ද?"

"ඒත් ජිමින් එතකොට ඔයාව බලාගන්නෙ කවුද?"

"හ්ම්.... මට ඕන එයාව ටිකක් ඈත් කරලා තියන්න හ්යොන්ග්. අරයා නිසා වෙලාවකට මට මාව පාලනය කරගන්න අමාරුයි. එයා නිසා මට හැමවෙලේම නායුන් ගැන ආදරේ හිතෙනවා."

ජිමින් කියද්දි යුංගි ඔහුගෙ ඔලුව අතගෑවෙ ජිමින්ගෙ තත්වය හොඳටම තේරුණ නිසා. මොන දේ වුණත් ජිමින් තමන්ගෙ ආදරේ අමතක කරන්න ලෑස්ති නැති එක ඕනම ෆීනික්ස් කෙනෙක්ට පොදු දෙයක්. හැබැයි ජිමින් ඕනවට වඩා තමන්ගෙ හදවතට නීති දාගන්නවා කියලත් ඔහු දැනගෙන හිටියා.

Born With Fire || MYG ✓Where stories live. Discover now