Chapter 5

333 80 135
                                    


"හොඳට කනවා.... යන යන තැන කලන්තෙ දාන්නෙ නැතුව. කොල්ලො එක්ක කතාවට යන්න එපා. ඉගෙන ගන්න එකට විතරක් අවධානය යොමු කරගෙන ඉන්නවා."

යුංගි, ජිමින්, මින්යූ තුන්දෙනාම හිටියෙ කෑම මේසෙට වෙලා. යුංගි නම් ඉඳගත්ත වෙලාවෙ ඉඳලා මින්යූට විශ්ව විද්‍යාලයේදී ඉන්න ඕන විදිහ ගැන උපදෙස් දුන්නා. ඒ අතර නායුන් කෑම සේරම මේසෙට අරගෙන ආවා. 

ටික වෙලාවක් යනකම් හැමෝම නිශ්ශබ්ද වෙලා හිටියෙ. මින්යූ දිගටම බිම බලාගෙන ඉන්නකොට ඇයට ඉස්සරහින් ඉඳගෙන හිටපු යුංගි ඇය දිහා බලන් හිටියෙ ආදරෙන්. හැබැයි ඔහු කිසිම වෙලාවක ඒ බව අනිත් අයට පේන්න දුන්නෙ නැහැ. 

"දැන් ඉතින් කෑම කමු.... නායු.... ඔයා මෙතනින් ඉඳගන්නකො. මං මින්යූට කෑම බෙදන්නම්."

ජිමින් කියද්දි නායුන් ඔහුට එහාපැත්තෙන් තිබුණ පුටුවෙන් වාඩි වුණේ ජිමින් හැන්ද අතට අරගෙන මින්යූට කෑම බෙදන්න පටන් ගනිද්දි. හැබැයි ඉතින් ඔහුට වැඩි වෙලාවක් ඒක කරන්න හම්බුනේ නැහැ. ඊරිසියාවෙන් පුපුර පුපුර හිටපු යුංගි ජිමින්ගෙ අතට ගහලා හැන්ද උදුරගෙන මින්යූට කෑම බෙදන්න පටන් ගත්තා.

"ආව්.... පුදුම ඊරිසියාවක්නෙ මේක... කමන්නෑ... ඔයාම බෙදන්න... මං නායුට බෙදන්නම්."

"ඒත් චූටි සර් මගේ නමේ අකුරක් හලලා ඔයා... මම නායු නෙවෙයි නායුන්.... අන්තිමට හල් කිරීමක් එක්ක 'න' අකුරක් තියෙනවා."

"ඒකට මොකද... ඔයත් මගේ නම වැරදියට කියන්නෙ. මගේ නමේ චූටි කියලා කෑල්ලකුත් නෑ සර් කියලා කෑල්ලකුත් නෑ. මගේ නම කියන්නෙ මෙහෙමයි... ජියන්නයි, මියන්නයි, හල් කිරීමක් එක්ක 'න'තියෙනවා."

ජිමින් කිව්වෙ බඩත් අල්ලගෙන හිනාවෙන ගමන්. ඒත් ඉතින් ඔහුගේ හිනාව නැවතුණේ රවාගෙන ඉන්න යුංගිගෙ ඇස් දෙක දැක්කට පස්සෙ. මේ අතර යුංගි නම් හිටියෙ ලොකු වැඩක. මින්යූට කෑම බෙදන ගමන් හිටපු ඔහු දැනටම පිඟාන කන්දක් වගේ පේන තරමටම කෑම බෙදලා තිබුණා. මින්යූට ඔහුව නවත්තන්න ඕන වුනත් ඒ ගැන කියන්න බයක් ඇයට තිබුණා. 

මේසෙ යටින් අත දාපු ඇය නායුන්ගෙ අතින් අල්ලද්දි නායුන් ඇය දිහා බැලුවා. මින්යූ ඇස් දෙකෙන් තමන්ගෙ පිඟාන පෙන්නලා ඇස් පුංචි කලේ හරියට තමන්ව මෙතනින් බේරගන්න කියලා කියනවා වගේ.

Born With Fire || MYG ✓Where stories live. Discover now