Chapter 24

223 60 155
                                    


"කවුද යුංගි බ්‍රෝ අර රෙඩ් රයිඩින් හුඩ්?"

"අනේ මන්දා කුකියා..... මට තේරෙන්නෑ."

"මං හිතුවෙ නෑනෙ බ්‍රෝ ඔයා ප්ලේ අංකල් කෙනෙක් කියලා."

"මොකා?"

"නෑ ඉතින් ඔයාගෙ වයසෙ හැටියට ප්ලේ බෝයි කෙනෙක් කියන්න බෑනෙ. ඒකයි මං ප්ලේ අංකල් කිව්වෙ."

"අනේ මේ කුකියා..... මට කියලා දත් ටික ගලවගන්නෙ නැතුව මෙතනින් යනවා යන්න."

යුංගි හිටියෙ කුස්සියේ බිම ඉඳගෙන. කලින් දවසෙ ආපු ගෑනු කෙනා නිසා යුංගිට වුන දේවල් නම් ඒතරම් හොඳ නැහැ. මුලින්ම ඇය යුංගිගෙ කාමරේ නතර වුන නිසා යුංගිට හරියට නිදාගන්න වත් තැනක් තිබුණෙ නැහැ. ඉතින් ඒ නිසාම කොල්ලා තමන්ගෙ ප්‍රේමවන්තියගෙ කාමරේට ගියත් කෙල්ලගෙන් ගුටි කාලා එලියට එන්න විතරයි යුංගිට පුළුවන් වුනේ. ඉතින් යුංගි මුළු රෑම හිටියෙ කුස්සියෙ.

උදේ පාන්දර ජොගින් ගිහින් ආපු ජංගුක් යුංගි එක්ක කතාවට වැටුණෙ කොල්ලා සසර කලකිරිලා වගේ ඉන්නවා දැකලා. ඒත් ඉතින් ජංගුක් කියපු දේවල් වලින් යුංගිගෙ ගිනි කුරුල්ලා ඇවිස්සුනු එක විතරයි වුනේ.

"ඩැඩීහ්...... ඔයා කොහෙද අනේ? මට ඔයාගෙ ඇඳුම් ලොකු වැඩියි බබා."

එකපාරටම ඒ ගෑනු කෙනාගෙ කටහඬ ඇහෙද්දි යුංගි ඔලුව උස්සලා බැලුවත් ආයෙත් පැන්ට්‍රිය අස්සටම ගියේ ගෙදර අයත් එතනට එකතු වෙලා ඉන්නවා දැකලා. කෙල්ල ඇඳගෙන හිටියෙ යුංගිගෙ සුදු පාට ටීෂර්ට් එකක්. තමන්ට වඩා ලොකු ඇඳුමක් නිසා කෙල්ලව පෙනුණෙ කොට ගවුමක් ඇඳන් ඉන්නවා වගේ. කෙල්ලගෙ උඩ ඉඳන් යටටම ස්කෑන් කරපු කට්ටිය එයාගෙන් නමවත් අහගන්න හිතුවා.

"ඒයි ඔයාගෙ නම මොකක්ද? අනික කොහොමද යුංගි හ්යොන්ග්ව දන්නෙ?"

"මම සෝනියා..... යුංගියි මායි හම්බුනේ ක්ලබ් එකේදි. පස්සෙ ඉතින් අපි දෙන්නා චුට්ටක් එන්ජෝයි කලා."

ඒ කෙල්ල ඇඹරි ඇඹරි කියද්දි අඬන එක නතර කරලා තිබුණු මින්යූ ආයෙත් කඳුළු පෙර පෙර කුස්සියට ගියා. කෙල්ලට දුකයි වගේම තරහයි. තමන් ආදරේ කරන කෙනා වෙන කෙනෙක් එක්ක හිටියයි කියන එක පවා ලොකු වේදනාවක්. ඒ දේවල් මැවි මැවී පේන්න ගන්නකොට කෙල්ල ඔලුව ගසලා දාලා වතුර වීදුරුවක් අතට ගත්තා. ඒත් වතුර උගුරක් වත් බොන්න කලින් කෙල්ලගෙ පුංචි ඉකිය ලොකු ඇඬිල්ලක් වුනේ පැන්ට්‍රිය අස්සට වෙලා හිටපු යුංගි මේ සේරම දකිද්දි.

Born With Fire || MYG ✓Waar verhalen tot leven komen. Ontdek het nu